(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමාගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
කලින් මුදල් ලැබෙන නිසා ඒ ක්‍රමවේදය විදුලිබල මණ්ඩලයටත් හොඳ බව ලොකුගේ මහතා සඳහන් කළේය.
පුංචිම මිනිහගේ සිට ඉහළම මිනිහා දක්වා මෙම විදුලි බිල ප්‍රශ්නය තිබෙන්නේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මොල. විදුලිය යනු අන්තර් ජාලය හෝ දුරකතන හෝ මෙන් ප්‍රධාන මධ්‍යස්ථානය මගින් විසන්ධි කල නොහැකිය. විදුලි බල මංඩලේ උන්ට වෙන වැඩක් කරන්න නැති වෙයි. සල්ලි දාපු ගමන් සම්බන්ධතාවය දෙන්නයි. සල්ලි ඉවර වෙච්ච ගමන් විසන්ධි කරන්නයි ගියාම.
මෙයා විදුලි, ජල බිල් ගෙවලා ද කියලා බලන්න තියෙන්නේ. මේ අය තියන පොලුත් අපිටයි බැර වෙන්නේ. හිටපල්ලා තව මාස 10ක්. කම්මුතු කරන්න...!
ඒක කරන්න පුළුවන්. සමහර රටවල් එහෙම කරනවා. මට සූඩානයේ අත්දැකීම් තියෙනවා. ඔබට බලශක්ති ඒකක මිලදී ගත හැකියි. එවිට ඔබට රහස් කේතයක් ලැබේ. එය මීටරයට ඇතුල් කළවිට ඔබට එම බල ඒකක ප්‍රමාණය ලැබෙනු ඇත. ඒකක ප්‍රමාණය අවසන් වූ පසු විදුලිය විසන්ධි වේ...
පොලිස්පතිට රීලෝඩ් දැම්මා වගේ, විදුලි බිලටත් රීලෝඩ් !!! ජනවරමක් නැති හරක් මොල ඇති දූෂිත දේශපාලුවෝ...!
වැදගත් අදහසක්. මෙම වැඩපිළිවෙළ මණ්ඩලයේ වියදම් කපා හැරීමට හොඳම ආරම්භයක්. සේවක සංඛ්‍යාව අඩුකළ හැකියි...
දැන් පොලිස්පති රී ලෝඩ්, මැති ඇමැති ගොල්ලන් නම් ඡන්දෙන් පැරදුණත් බොහෝකලක සිට රීලෝඩ් ක්‍රමයට පාර්ලිමේන්තුවට ආයෙත් එනවා.
ඔහෙත් රීලෝඩ් දාගෙන ඉන්න හදන එක්කෙනෙක්නේ?
හරියට ඔයා පත් කරපු ජනාධිපති පොලිස්පති පත් කරනවා වගේ....
මොලේ මඤ්ඤං වෙලාද? විදුලිය එපා කියන්නේ කව්ද?
අර ලොක්කා පොලිස්පතිට සේවා දිගුකරන විදිහටද...?
මෙම ක්‍රමවේදය කෙන්යාව වගේ රටවල ක්‍රියාත්මක වෙනවා. මනු කියවන්නන්ගේ ප්‍රමාදයෙන් මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වෙනවා.