IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පෙට්‍රල් බෝතල් සිද්ධියට පොලිසියේ දෙන්නාගේ වැඩ තහනම්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත්දළ ජෝඩුවක අනුරුවක් තබා ගෙන යෑම රථ වාහන නීතියට අනුව වරදක් බව පෙන්වා දී ඊට දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී ඒ් වෙනුවනට ත්‍රී රෝද රථ රියදුරාගෙන් බලහත්කාරයෙන් ‌පෙට්‍රල් බෝතලයක් ලබාගත්තැයි සැකපිට  අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක වරයාගේ සහ පොලිස් සැරයන්වරයා ගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

වැඩ තහනමට ලක්කර ඇත්තේ කුරුණෑගල, ඉඟුරුවත්ත පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ වෙලගෙදර පොලිසියේ රාජකාරි කරන පොලිස්සැරයන් වරයකුගේ ය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා විසිනි.

 



අදහස් (4)

පෙට්‍රල් බෝතල් සිද්ධියට පොලිසියේ දෙන්නාගේ වැඩ තහනම්

රංබොඩ Saturday, 25 November 2023 09:43 AM

මේ නිලධාරීන් ඒ තරම්ම පහත් තත්ත්වයකට වැටිලද? මොනවා හරි නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඇති...

:       0       13

සෙනෙවිරත්න Saturday, 25 November 2023 02:41 PM

ආගම ප්‍රදර්ශනය කරන මන්දබුද්ධිකයින් මේ පොලිස් කාරයෝ දෙන්නාට දෙවෙනි නැත...!

:       14       6

සමන් - ඕමානයSaturday, 25 November 2023 05:27 PM

තමන් අදහන ආගම ප්‍රදර්ශනය කිරීමට ඕනෑම කෙනෙකුට නිදහස තියනවා. සෙනෙවිරත්න පෙන්නන්නේ එයාගේ ගොන්කම...

:       4       10

මසිරිපාල Saturday, 25 November 2023 06:57 PM

ඔය නිලධාරි දෙන්නගේ සේවය නැවැත්වීම කළාම දඩයක් වදින්නේ හයක් හතරක් නොදන්නා දරුවන්ට වෙන්න පුළුවන් නේද? එ නිසා ඔය එක් අයෙකුට පෙට්‍රල් ලීටර් දහයක් බැගින් දෙදෙනාගෙන් ලීටර් විස්සක් ත්‍රීවීලර් කරුට ලබාදෙන්න නියම කළානම් හොඳයි කියලා හිතෙනවා... නැත්නම් ඉතින් ඒ දෙන්නා වෙනත් විෂමාචාරයක් කරන්න ඉඩ තියෙනවා. දරුවො අනෙක් දරුවන්ගෙන් මානසික පීඩාවටත්, හිංසනයටත් පත්වෙනවා කියලා හිතන්නේ නැද්ද? වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා....!!! 

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site