(රන්ජන් කටුගම්පොළ)
ලබන 27 වැනිදා සිට ඉදිරි දිනවල පැවැත්වීමට සංවිධානය කොට ඇති අනීතිකව සිදු කරනු ලබන මහවිරු සමරු උත්සව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන බව පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී ආනන්ද ජයමාන්න මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමක් සලකා බැලීමෙන් පසු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද්‍ර වික්‍රම මහතා විසින් අධිකරණය හමුවේ මෙම පොරොන්දුව ලබා දෙන ලදි.
එස්.යූ.බී කරලියැද්ද සහ මායාදුන්න කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති මහවිරු සමුළුව වෙනුවෙන් කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණියගේ හඬ යොදාගෙන මෙම උත්සවය පැවැත්වීමට සංවිධානය කොට ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් ඒ හේතුවෙන් උතුරු නැගෙනහිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල සිවිල් කලබලකාරි තත්ත්වයක් ඇතිවෙන්නට ඉඩ තිබෙන බවත් ඒ හේතුවෙන් එම කටයුතු වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බුද්ධි අංශ නිලධාරියා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත
පෙත්සම්කාර විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද වික්‍රම මහතා පෙනී සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2001 සැප්තැම්බර් මස UNSC යෝජනාව අංක 1373 අනුව එල්ටීටීඊය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස තහනම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණ අනුමත කළ යුතුය. එල්.ටී.ටී.ඊ.යේ විරුවන් යනු අහිංසක මහජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනය කරමින් සිදු කළ මරාගෙන මැරෙන මෙහෙයුම්වලදී මිනිස් බෝම්බ 387ක් පුපුරුවා හැරීම ඇතුළු රටේ ජනතාවට මිනීමරු ප්‍රහාර එල්ල කළ අයයි. එවැනි වීරයන් හෙළා දැකිය යුතු අතර සැමරීමට නොවේ. එල්ටීටීඊය ද ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන අතර, ඔවුන් GOSL සමඟ ඔවුන් නිරත වූ සන්නද්ධ ගැටුමේදී, දෙමළ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම, බාලවයස්කරුවන් ළමයින් ඇතුළු ඔවුන්ගේ සටන් හමුදාවන්ට බඳවා ගැනීම වැනි යුද අපරාධ රැසක් සිදු කළ සංවිධානයකි. වයස අවුරුදු 10 ක් පමණ වන, ඔවුන් විසින් පාලනය වන ප්‍රදේශවල පදිංචි සිවිල් ජනතාවට ඔවුන්ගේ සංචලන නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීම යනාදිය සැමරීමට ඉඩ නොදිය යුතුය.