(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසිය රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් සහ පාතාලයකු වශයෙන් හඳුන්වන ගනේමුල්ලේ සංජීව නැමැත්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් ලද තොරතරුකර අනුව තලතෙල් හන්දිය ප්‍රදේශයේ බොක්කුවක් අසල කැලෑවක සඟවා තිබූ මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව බස්නාහිර උතුර දිසා බාර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

උඩුගම්පොළ කෙහෙල්බද්දර කොණ්ඩා සකසන ස්ථානය සේවය කරන අයකුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගෙන ඇත්තේ මෙම ගිනි අවිය බවට පරීක්ෂණවලින් හෙළි වී ඇත. 

මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අවස්ථා තුනකදී ටී 56 ගිනි අවි, මයික්‍රෝ පිස්තොල් අත් බෝම්බ සහ ජීව උණ්ඩ තොගයක් සොයාගත්තේය.