(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් බවට පාර්ලිමේන්තුවේ දී තමා මීට කියූ අදහස සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරිපත් කළ අදහසට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා 17 වන ව්‍යවස්ථා සංශෝධන නඩුවේ තීන්දුව ගෙන හැර දක්වන්නට තමා කැමති බව කීය.
මුල සිටම යෝජනා කර ඇත්තේ ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් හැටියට බව කී ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයා කරන පත්කිරීම් සඳහා සහය වීම එහි කාර්යයක් යැයි සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd