IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නෙදර්ලන්තයෙන් ගෙනා අපේ උරුමය පෙන්නන්න සූදානම්

(අංජුල මහික වීරරත්න)

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය නෙදර්ලන්තයේ කෞතුකාගාරවල මේ වන විට තැන්පත් කර ඇති පුරාවස්තුවලින් කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ කටයුතු ලබන මස මුල් සතියේදි ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ලන්දෙසීන් රැගෙන ගිය පුරාවස්තු යළි ලැබුණු පසු ඒවා තැන්පත් කරන ස්ථාන ක්ෂණය කිරීම සඳහා කොළඹ ජාතික කෞතුකාගාරයට ගිය අවස්ථාවේ දී සාගල රත්නායක මහතා මේ බව කීය. නෙදර්ලන්ත රජය හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම පුරාවස්තු නැවත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීන්දු කෙරිණි.

එම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් සම්බන්ධිකරණය කළ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහි ප්‍රමුඛත්වය ගත්තේය.

යටත් විජිත යුගයේ වටිනා සංස්කෘතික වස්තූන් මෙරටට රැගෙන ඒමෙන් පසු කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්ථාපිත කරන ලද අධි ආරක්‍ෂිත, ආර්ද්‍රතාවය පාලනය කරන ලද ස්ථානයන් හි තැන්පත් කිරීමට නියමිත අතර, දැනට වැඩ නිමවෙමින් පවතින එම විශේෂ ස්ථාන සාගල රත්නායක මහාගේ නිරීක්ෂණයට ලක්විය.

කඩුකස්ථාන ඇතුළු පුරාවස්තු කිහිපයක් පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට බාරදීමට නෙදර්ලන්ත රජය මේ වන විට එකඟ වී ඇති අතර ලබන මස මුල් සතියේදි එම පුරාවස්තු ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියේ තැන්පත් කිරීමට නියමිතය.

 



අදහස් (19)

නෙදර්ලන්තයෙන් ගෙනා අපේ උරුමය පෙන්නන්න සූදානම්

විජේ Saturday, 25 November 2023 11:08 AM

මේවා ඒ රටවලම තිබුණොත් පරිස්සමට තියෙයි. ලංකාවට ගෙනාවොත් නම් බඩුම තමයි...!

:       142       101

Amal Saturday, 25 November 2023 11:31 AM

සාගල රත්නායක තමයි දැන් ශ්‍රී ලංකාවේම පොර !!!

:       6       71

ෂා ගල Saturday, 25 November 2023 12:31 PM

සාගල දැන් පුරාවිද්‍යා ⁣හරි කෞතුකාගාර පන්ඩිතයෙකුත් වෙලාද? තමුන් කරන දේශපාලනයෙන්වත් ඡන්දයක් අරන් පාර්ලිමේන්තු යන්න බැරි කෙනෙක් ගිය උසක්...!

:       3       55

Rata PerataSaturday, 25 November 2023 02:13 PM

කල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ. පිනාධිපති ඉන්නකන් වාසි ගොඩයි...

:       3       23

සෙනෙවිරත්න Saturday, 25 November 2023 02:37 PM

බල්ලෝ ගස් යනවා කියන්නේ මේවාට තමයි.

:       1       30

gamaayhi Saturday, 25 November 2023 03:36 PM

භාණ්ඩ අතර කඩු ආදිය තිබේනම් නෙදර්ලන්තයේම තියා තියාගන්න. මෙහිදී ඒවා අතුරුදන් වීමට ඉඩ ඇත..!

:       42       33

බද්රානි Saturday, 25 November 2023 03:47 PM

සුද්දොත් අරන් නොගිය රාජසිංහ රජ්ජුරුවන්ගේ කඩුවත් හොරාකාපු එවුන් ඉන්න රටටද ලන්දේසිකාරයින් මේ වටිනා පුරාවස්තු ආපසු භාර දුන්නේ...? ලංකාවේ ඉන්නේ ජානගත හොරු රැලක් කියලා තවම ඒ අය දන්නේ නැද්ද..? දැනටමත් ඔර්ජිනල් එක වෙනුවට ඒ වගේ වෙන එකක් හදලා ප්‍රදර්ශනය කරනවාද දන්නේ නැහැ... හොරු රජවෙද්දී කොහේවත් ඉන්න කන්ගැට්ටලා තමයි අන්තිමේ හොරු වෙන්නේ..."නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේ" තමයි ඉතින් මේකත්...

:       56       32

pakeer Saturday, 25 November 2023 04:08 PM

අපරාදෙ... ඕක එහෙම තිබුණා නම් ඉවරයි.. අනික ඕවා කොහොමත් අපි හදපුවා නෙවෙයිනේ...

:       43       21

Bamunuarachchi Saturday, 25 November 2023 04:33 PM

හැබැයි ඔය පොටෝවල පෙන්වන්නේ අපේ පුරාවස්තු නොවෙයි. අපිට කොයින්ද කාලතුවක්කු? අපේ කව්ද කාලතුවක්කු හැදුවේ? සිංහල හමුදාවේ කාලතුවක්කු තිබුණා නම් ඒවා පෘතුගීසි, ඕලන්ද කාරයින්ගෙන්ම ගත්තු ඒවා. අනික සාගල රත්නායක පුරාවස්තු ගැන දන්නේ මොකක්ද? පුරාවස්තු ගැන කතාකොරන්න යන්න ඕනේ අදාළ කොමසාරිස්වරයා. රනිල්ට කෝකටත් තෛලය සාගල ගොයියා. මුන්ගේ විකාර... පුරාවස්තු වුනත් ඕලන්ද යේ තිබුණු නිසා පරිස්සම් වුණා...

:       49       18

Kumar (Gulf) Sunday, 26 November 2023 05:40 PM

අනේ බමුණෝ, නොදන්න දේ කතා නොකර ඉමු...

:       0       0

Bamunuarachchi Monday, 27 November 2023 03:14 PM

Kruma, ඉතින් ඔයා දන්න දේ කියන්න. කව්ද? කොහෙදීද? සිංහලයෝ කාගේ කම්මලේද කාලතුවක්කු හැදුවේ...?

:       0       0

විපරමා Saturday, 25 November 2023 05:04 PM

ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැති වෙලා ඉන්න කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි දේ කවුරු කවුරුත් දන්නවා. සමහරවිට ලැබෙන ඒවාත් බහිරවයා ගෙනියන්න බැරිකමක් නැහැ...

:       38       14

de silva Saturday, 25 November 2023 08:17 PM

අනේ ගලකට ගිය කලක්...!

:       18       15

janathaawa Sunday, 26 November 2023 08:18 AM

අනුන්ගේ දෙයක් හරි කමක් නැහැ අපේ කියලා අරන් තියාගන්න කැමති එවුන් ඉන්න බූරුවෝ ටිකක් මේ රටේ ඉන්නවා කියලා මේ කමෙන්ට් දැක්කම පෙන්වා

:       0       0

Nodakin Sunday, 26 November 2023 08:25 AM

අපේ මුතුන් මිත්තන් ඝාතනය කරන්න භාවිත කල ආයුධ විනාශ කරපල්ලා

:       0       0

Lakmal Sunday, 26 November 2023 12:00 PM

ලෝල්ලෙක් සමඟ රටක්

:       0       0

Sam Sunday, 26 November 2023 10:33 PM

මැදමුලනේ කලවැද්දන්ට තව රස කෑමක්...

:       0       0

Patakayek Monday, 27 November 2023 10:28 AM

කන් ගැට්ටට මොකද උනේ ?

:       0       0

විජේකෝන් Tuesday, 28 November 2023 06:48 PM

මේවා කරුණාකරලා ආපසු ඒ රටටම ආපසු බාරදෙන්න. මෙහි සිටින පාලකයින් මේවා විකුණලා කයි. මොවුන් සිංහලයින් නොවන නිසා කිසිඳු ජාතික හැඟීමක් නැති නිසා, දෙමළ ජාතිකයන් නිසා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site