(රන්ජන් කටුගම්පොළ)
පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය හමුදාපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව ඒ මහතාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දෙන්න ලෙසට අධිකරණයෙන් නියෝග කෙරිණි.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුවය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම රීට් පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ජීවිතයම රට වෙනුවෙන් කැපකර සේවයේ යෙදෙන නිදොස්කෙනෙකුට ලැබිය යුතු උසස්වීම් හා අදාල වැටුප් දීමනා ඇතුළු සියල්ලක්ම අයිතිවාසිකම් (entitlement) ලෙසට හඳුන්වා ඇති අතර සෙසු හිමිකම් වරප්‍රසාද සියල්ලක්ම (privileges) ගණයට වැටෙයි, කෙනෙකුගේ ජීවිතයේ යෞවන වයසම රට වෙනුවෙන් කැපකර විශ්‍රාම දිවිය පෙනෙන මානයේදී තමන්ට හිමිවියයුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබාගැනීම සඳහා අධිකරණයට පිය නගන්නට සිදුවීම, කෙතරම් ඛේදජනක සිදුවීමක්ද? උදාර රණවිරුවන්ට හිමි වර්තමානය මෙයද? ඔවුන්ගේ ඉදිරි අනාගතය කෙබඳු වියහැකිද?