(මනෝප්‍රිය ගුණසේකර)
බොරු චෝදනා මත තමා අත්අඩංගුවට ගෙන අධිකරණය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ දිසා අධිකරණයේ අද වන්දි නඩුවක් ගොනු කළේය.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට විවිධ පුද්ගලයන්ට බලපෑම් කරමින් අධිකරණිය අනිසි ලෙස භාවිතා කර ද්වේශ සහගත ලෙස තමා රිමාන්ඩ් බාරයට පත්කරවීමෙන් තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ශානි අබේසේකර මහතා මෙම නඩුව ගොනුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ මෙම වන්දි නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ශානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනුකර ඇත.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සොයා ගත් ගිනි අවි සම්බන්ධයෙන් පසු අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වෙනම විමර්ශනයක් පවත්වු බව සඳහන් කරන ශානි අබේසේකර මහතා ද්වේශ සහගත සහ පලිගැනීමේ චේතනාවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් තමන්ට එරෙහිව අදාළ විමර්ශනය කළ බවද සඳහන් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දුව බේරගන්න රාජපක්ෂ ඉන්නවා..
එතකොට අල්පොන්සෝගේ ගෙදර වලන් හෝදන්න ගිය කතාව කව්රුත් අහන්නේ නැද්ද? ඒ හඬපට අදාළ අය අභියෝගයට ලක්කරලා හෝ ප්‍රතික්ෂේප කරලා නැහැ නේද?
අල්පොන්සොගෙ ගෙදර වලං කතාවෙන් කාටවත් අගතියක් උනාද?එක යමක් වටහාදෙන්න සිංහල භාෂාවේ යෙදුමක් මිස සැබෑලෙසම වලං සේදීමක් නොවන බව වටහාගැනීමට බුද්දියක් නොමැතිවීම කනගටුයි. හඬපට එලියට දමා නැටූ නාඩගම් වලින් මොනවද උනේ, බොරු විරුවෙක් රටේ නායකය වෙලා තම බැරිකම නිසා පස්ස දොරෙන් පැනගිය එක පමණයි .
පොඩ්ඩක් හෝව් සෙනවිරත්න සිංහල භාෂාවේ හෝ වෙනත් භාෂාවක යෙදුම් තිබෙන්නේ ඒ හා සම්බන්ධව කෙරුණු ක්‍රියා ඉස්මතු කර පෙන්වීමට හා උපහාසයට ලක්කිරීමට. රජයේ වැදගත් රාජකාරියක් කළ මේ පුද්ගලයා නළුවෙකුගේ ගෙදර වළන් හෝදන්නම් කිව්වේ ඇයි?. කරපු අසාධාරණ කටයුත්තක් එළි කරන්න එපා... එසේ කළොත් මගේ හොරවැඩ එළියට එනවා... මාව බේරගන්නවා නම් ඕනෑම පහත් වැඩක් කරන්නම් කියන එක නේද? මොකක් නිසාද එහෙම කිව්වේ කියලා මතක නැද්ද? හඬ පටයේ කියැවුණු දේවල් මතක නැද්ද? කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු ඩිංගක් ඉතිරිවෙලා තිබෙනවා. මේකත් සිංහල කියමනක්...!