
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකා වලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මේ වන විට පවතින නාවික සිතියම් බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන බවත්, එම නිසා ඉදිරියේදී විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට බාරදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලාංකීය මුහුදු කලාපයේ පිහිටීම නිසා රට අසලින් වසරකට නෞකා 45000 ක් පමණ යාත්‍රා කරන බවද ඒවායින් ආදායමක් ගැනීමට නම් නව විද්‍යුත් නාවික සිතියමක් (Electronic Navigation Charts) අවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... සුබපැතුම් ප්‍රමිත...
මුහුදේ යන නැව් නවත්තලා ලයිසන් චෙක් කරන්නද හදන්නේ?
වැඩේ නම් හොඳයි... පොඩි පරහකට තියෙන්නේ උපයන මුදලට වඩා හම්බවෙනදේ හොරකම් කිරීමට ඔය ගමන්ම සැලසුම් හදන එක නේද?
අපේ රට ආසන්නයෙන් නැව් යන එක නවත්තන්න ක්‍රමයක් තමා මේ යෝජනා කරන්නේ...
මේ ගොයියා හීන දකිනවා. සිහින හැබෑ වුණොත් හොඳයි...!
බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නයි හදන්නේ...!
විශිෂ්ටයි