කටවුට්,පෝස්ටර් වලට ජනපති ඡායාරූපය තහනම් මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 08 October 2023
ජනපති නියමයෙන් ඉඩම් බෙදීම නවතී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මහවැලි අධ්යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා සියලු මහවැලි කලාප නියෝජනය කරන නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. 08 October 2023
ඊශ්‍රායල- පලස්තීන ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් ඇතිවීමත් දෙපාර්ශවය අතර ප්රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත. 08 October 2023
'රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් නෑ' රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්රවලට හැර අනෙකුත් ආයතන වල රැකියා සදහා නව බඳවා ගැනීම් නොකෙරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 08 October 2023
කොළඹ විශාල ගස් ඉවත් කරයි කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුව කොළඹ නගරයේ පාර දෙපස අනාරක්ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කළේය. 08 October 2023
ගම්පොළ එළවළු කොටුවක් වනසලා ගම්පොල ගල්ගෙඩියාව ප්‍රදේශයේ වගා බිමකට ඇතුළු වූ මැර පිරිසක් එහි තිබූ කෙසෙල් පඳුරු සියයක් පැපොල් මඤ්ඤොක්කා බඩඉරිඟු මිරිස් බෝංචි ඇතුළු ලක්ෂ 20ක පමණ සියලු වගාවන් කපා කොටා විනාශ කර ඇතැයි වගාබිම හිමි අශෝක රත්නායක නැමැති විශ්‍රාමික පොලිස් නිලධාරියා පවසයි. 08 October 2023
පිහි ඇනුමකින් කාන්තාවක් මරුට රාජාංගනය නව සිරිගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකට ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි. 08 October 2023
පාරේ නිදා සිටියදී යට කරගෙන ගිහින් අනුරාධපුර,යාපනය ඒ නවය මාර්ගයේ කනදරාව ආසන්නයේ මාර්ගයේ නිදා සිටි 23 හැවිරිදි පුද්ගලයෙකු හප්පා මරණයට පත්කොට පලාගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 08 October 2023
භූමි කම්පාවෙන් 2,000 මැරිලා බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 08 October 2023
මුදල් ලොක්කන්ට මැතිසබා කමිටුවෙන් දොස් රටට ආදායම් උත්පාදනය කෙරෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නියාමනය කිරීමේ මුදල් අමාත්‍යාංශ වැඩපිළිවෙල ඉතා දුර්වල බව ආර්ථික බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 08 October 2023
බස් රේස් ගිහින් 6ක් රෝහලේ මගීන් නංවා ගැනීම සඳහා තරඟයට ධාවනය යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි. 08 October 2023
ගෙල කඹයකින් සිරකර කාන්තාවක් මරලා ගෙල කඹයකින් ගැටගසා පහරදී වයෝවෘද්ධ කාන්තාවක ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.කියයි. 08 October 2023
මහ කන්නයට යුරියා බෙදාහැරීම හෙට සිට ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දුන්නේය. 08 October 2023
ගාල්ලේ පාසල් හෙට-අනිද්දා නිවාඩු පවත්නා අයහපත් කාලගුණ තත්වය නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්ද හෙට (09) සහ අනිද්දා ( 10) දෙදින වසා තැබිමට තිරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි. 08 October 2023
කෝච්චියේදී පොලිස් පරීක්ෂකවරියගේ රන් මාලයට විදලා මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් පොලිස් පරීක්ෂකවරියක්ගෙල පැලැඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලයකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු කඩාගෙන පලාගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි. 08 October 2023
අධික වැස්සෙන් මරණ 7ක් : පුද්ගලයින් 54,440 ක් අවතැන් දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 08 October 2023
ධීවරයා අනවසර විදුලි රැහැනේ ගැටෙයි හුංගම ගුරුපොකුන කලපුවට මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලීසිය කියයි. 08 October 2023
පාරේ ගිය මෝටර් රිය බඳුළු ඔයට පෙරැලෙයි බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 5 කණුව නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (8) අලුයම මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුළු ඔයට පෙරලී ගොස් අතැයි පොලීසිය කියයි. 08 October 2023
කුලියට මිනී මරන්න ගිය සෙබළා සහ හිටපු සෙබළා මාට්ටු පාතාල නායක කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු වන ඇල්පිටිය පිටුවල පදිංචි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යතුරු පැදියකින් පැමිණ සිටි යුද හමුදාවේ සෙබළකු හා හිටපු යුද හමුදා සෙබළකු ඇල්පිටිය පිටුවලදී මිලි මීටර් නවයේ පිස්තෝල තුවක්කුවක් හා එයට දැමිය හැකි උණ්ඩ දහයක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 08 October 2023
වැල්ලවාය ඒ 4 මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (08) උදේ බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට පහළ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ දී දැවැන්ත පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි. 08 October 2023
තද වැස්ස උතුරු, උතුරු මැද කැරකේ නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.. 08 October 2023
මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහල යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දමන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 October 2023
බද්දේගම අවදානම්: ජනතාව ඉවත් කරයි ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමකට පැමිණ ඇති නිසා ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි. 07 October 2023
දකුණු අප්‍රිකාව ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරදවයි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී අද (7) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ. 07 October 2023
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක් බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් 15 දෙනකු මියගිය බවත් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. 07 October 2023
ඊශ්‍රායලයත් පලස්තීනයත් ඇවිලෙයි ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි. 07 October 2023
ටිකට් පරීක්ෂකට පහරදුන් පෙදරේරුවා මගීන්ගෙන් ගුටි කයි ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරන නිලධාරියකුට පහරදුන් බව කියන පෙදරේරුවකු කාන්තාවන් ඇතුළු මගීන් පිරිසක ගේ පහර කෑමකට ලක්ව සුළු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 07 October 2023
හැමදාම පොලිසියට කට්ටි පනින්න බැරි වේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයකු මාවතගම දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 07 October 2023
තැන් හතකට නාය රතු නිවේදන දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 07 වනදා නිකුත් කරනු ලැබ තිබේ. 07 October 2023
ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය. 07 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026