(විමුක්ති එස් රුද්‍රිගු)
ඖෂධ ජාවාරමට සම්බන්ධ සැබෑ හොරුන් නිදැල්ලේ සිටියදී වංචාවලට සම්බන්ධ විශාල හොරෙක් අත් අඩංගුවට ගත් බව පෙන්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා අත් අඩංගුවට ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සහ සෙසු පිරිස වංචාවලට සෘජුව සම්බන්ධ නොවූ අය බවත් ඔවුන් බෙහෙත් තොග බාරගත් අය පමණක් බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දුන්නේය.වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රාජකාරි නිවාඩු ලබා ගනිමින් බොහෝ කාලයක් විදෙස් ගතවී සිටි බව කවුරුත් හොඳින් දන්නා කරුණක් බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපති එකේ අය සල්ලිවලට යටවෙලා ඕන බොරුවක් ඇත්ත වගේ කියයි. හැබැයි අඩුගානෙ නඩුකාරයාට එක්කො මොලේ නැහැ නැත්නම් සල්ලිවලට යටවෙලා. ටෙන්ඩර් එක අනුමත කල අය කෝ?
සැබෑ හොරු ආණුඩු කරන රටක ඕවා පුදුම වෙන්න දේවල්ද?