
නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට වයිරසය ආසාදනය වී රෝගිවූ වැඩි දෙනා කුඩා දරුවන් බව පැවැසෙයි. බෙයිජීං සහ ලියෝනිං ඇතුළු චීන නගර කීපයක රෝහල් මෙම වයිරසය ආසාදනය වූවන්ගෙන් පිරී යෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. උතුරු දිග චීනයේ පළාත්වලට ද මෙම නව වයිරසය ව්‍යාප්ත වී ඇති බව ද වාර්තා වේ.
'කොවිඩ් 19' කොරොනා වයිරසය ද චීනයෙන් ආරම්භ වූයේ මේ අයුරිනි. ඒ, 2019 වසර අවසන් වෙද්දීය. 'කොවිඩ් 19' පළමු ආසාදිතයා වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය හදුනා ගැනීමට නොහැකි එකක් වූ අතර, ආසාදිතයන් මය යෑම සිදුවූයේ නිව්මෝනියාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකක් යනකොට තවත් එකක් එවනවා වෙන්න පුළුවන්... කිරි අලෙත් රටින්ම ගෙනැවිත් රේගු ආදායම් සොයන එකේ ඒකත් ගෙන්වීම කළොත් නරකද? මුලින්ම රෝගය අරගෙන ලංකාවට සංචාරයේ චීනෙක් ආවොත් දැන් සිටින ඇමැතිට පිළිගන්න බැරිවේවි... ඉම්-බාස් නැවතත් ගෙනාවොත් රටේ ව්‍යාප්ත කරන්න පුළුවන් වේවි...
සොබාදහම චීනයේ ජනගහනය අඩු කරන්න ගෙනෙන ක්‍රම නිසා ලෝකේ අනික් රටවලට බලපෑම් කරන ඒකයි අපිට තිබෙන ප්‍රශ්නය... නැතිනම් චීනෙට මොනවා වුණත් ඒ රටට ප්‍රශ්නයක් නොවෙයි...