IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වසර මිලියන 155කට පෙර අතුරුදන් වූ මහාද්වීප කොටසක් හමුවෙයි

මීට වසර මිලියන 155කට පමණ පෙර අතුරුදන් වූ ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපයේ කොටස් අග්නිදිග ආසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.

ආර්ගොලෑන්ඩ් මහද්වීපය මිට වසර මිලියන 155කට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදයටත් වඩා විශාල භූමි ප්‍රමාණයක කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ ආර්ගොලෑන්ඩ් එම භූමියෙන් කැඩී වෙන්වී ඇති බවත් එම විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

එලෙස වෙන්වුණු ආර්ගොලෑන්ඩ් මහද්වීපයද කාලයත් සමඟ කොටස් කීපයකට කැඩී වෙන්වී අග්නිදිග ආසියාවේ පැතිර ඇතැයි මෙම පර්යේෂණය සම්බන්ධයෙන් පළකළ ලිපියේ සඳහන් වේ.මෙම කොටස් මුලින් ඕස්ට්‍රේලියාවේ කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ එම කොටස් ඉන්දුනීසියාවේ නැගෙනහිර දෙසට ගමන් කර ඇති බවත් එම විද්‍යාඥයෝ පවසති.

මෙම පර්යේෂණයට අදාළ ලිපිය පළකළ කණ්ඩායමේ ප්‍රධානියා වූ නෙදර්ලන්තයේ යූට්‍රැක්ට් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ එල්ඩට් ඇඩ්වොකාට් ප්‍රකාශ කර සිටියේ මෙම භූමි කොටස් පිළිබඳ තිබූ දත්ත ප්‍රමාණය ඉතාමත් අවම වීම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දුන් බවත් ඒ හේතුවෙන් ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපය පිළිබඳ පර්යේෂණය වසර 7ක කාලයක් පුරා දිව ගිය බවත්ය.



අදහස් (0)

වසර මිලියන 155කට පෙර අතුරුදන් වූ මහාද්වීප කොටසක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site