(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ) 

මීගහතැන්න පොලිස් වසමේ පොල්ගම්පොල වික්‍රමශීලා  විහාරස්ථානයේ  චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය සොරකම් කිරීම සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙකු අද පස්වරුවේ  අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමත්ව ඇත .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම කිත්තගල්ල, මට්ටක්කුලිය සමිත්පුර සහ මහර  කඩවත ප්‍රදේශයේ පදිංචි 31, 33 සහ 56 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

2022 මැයි මස 14 දා එම විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත දීර්ඝ කාලයක් පොලිසිය විසින් පරීක්ෂණ කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමෙන් පසු සගවා තිබූ චූඩාමානික්‍යද සොයාගෙන ඇති බවත්, එය අලෙවි කිරීමට නොහැකිව සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී තියුණු කඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද සදහන් වේ.

සැකකරුවන් මීගහතැන්න පොලිසියට භාරදී ඇති අතර , මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.