
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියෝ 240 ක් පමණ සිටියහ.
මේ වනවිට හොද හිත පෙන්වීමක් ලෙස ප්‍රාණ ඇපකරුවන් කීප දෙනකු මුදා හැරීමටත්, ඔවුන් ඊශ්‍රායලයට බාර දීමටත් හමාස් සංවිධානය කටයුතු කර තිබේ.
ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කළේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසුවය.
සිවු දින සටන් විරාමයකට යෑමට ද ඊශ්‍රායලය එකගත්වය පළ කර තිබේ. කෙසේ නමුත් මේ වනවිටත් ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාණ අපකරුවන් නිදහස් කරගත්තාට ඉස්ලාම් ත්‍රස්ත වාදීන්ට දෙන ප්‍රහාරය නවත්තන්න එපා. ඔවුන් සමූලඝාතනය කරන්න...