හෙට කොළඹ ආරක්ෂාවට පොලීසියේ 3500ක් ලෝක කම්කරු දිනය සමරමින් කොළඹ නගරයේ හෙට (1) දිනයේ පැවැත්වෙන මැයි රැළි හා පොළපාලි වල ආරක්ෂාව හා රථවාහන හැසිරවීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3500 ට ආසන්න පිරිසක් ක්ෂෙත්ර රාජකාරි සදහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 30 April 2023
වෙඩික්කරුට සහය දුන් පාතාලයා මාස 5කට පසු අල්ලයි සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන මාරිමුත්තු ගනේශ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයා මාස පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 April 2023
එකට බී වෘෂණ කෝෂයක් කපලා? බෙංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ එක් වෘෂණ කෝෂයක් කපා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. 30 April 2023
දෙකේ සිසුවා තවත් සිසුවකුට ගෙතුම් කට්ටකින් ඇනලා පොල්පිතිගම නිකවැහැර විද්‍යාලයේ 2 වසරේ සිසුවකුගේ බෙල්ලට තවත් සිසුවකු ඇන තිබූ ගෙතුම් කට්ටක් (වූල් කට්ටකින්) පැය තුන හමාරකට පමණ ශල්‍යකර්මයකින් පසුුව ගැල වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් කීය. 30 April 2023
ප්‍රබල අකුණු ගැන අනතුරු අඟවයි බස්නාහිර,සබරගමු,මධ්‍යම,වයඹ,උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ ප්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 April 2023
රාජ්‍ය ආයතනවල ගිය වසරේ පාඩුව කෝටි ලක්ෂය පනී පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 30 April 2023
මෙරට වෛද්‍යවරයකුට ඇමෙරිකාවේදී සිර දඬුවම් සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය. 30 April 2023
උසස් පෙළ ප්‍රශ්නපත්‍ර සිද්ධියට කොල එළියක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 30 April 2023
මත් කරල් සමග ග්රාමාරක්ෂකයා මාට්ටු මත් කරල් 50ක් විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි. 30 April 2023
පාසල් සිසුවට ගංජා පොවන්න හදලා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 11 වසරේ පාසල් සිසුවකුට බලහත්කාරයෙන් ගංජා පෙවීමට උත්සාහ දැරූ පුද්ගලයකු දිඹුලාගල පැළෑටියාව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි, 30 April 2023
සොරකමේ ගිය යුවළ කොටුවෙයි කොටදෙනියාව හා කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයන් හි වෙළඳසැල් පාසැල් හා නිවාස රැසක දේපළ සොරා ගැනීමේ යෙදුණු බවට සැක කරන යුවලක්්එසේ සොරාගත් රන් ආභරණ ඇතුළු දේපල තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි. 30 April 2023
කුඩු අංජු ගැන ඔත්තුව බිරියගෙන් ප්‍රංශ පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් යැයි කියන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් ‘රත්මලානේ කුඩු අංජු’ මෙරට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය. 30 April 2023
එතෙර බිත්තර මෙතෙර වෙළෙඳ පොළට නෑ ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා තවදුරටත් ඉඩ ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 30 April 2023
ප්‍රසන්න ප්‍රසිද්ධියේ සමාව අයැදී අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 30 April 2023
කසිප්පුවලට සිරගත කළ අය ළඟ කුඩු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී කසිප්පු නඩුවකට සිර දඩුවම් නියමවූ රැදවියකු ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් සොයාගෙන ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි. 30 April 2023
කොවිඩ් යළි හිස ඔසවයි:මරණ 2ක් කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය. 30 April 2023
කාලගුණය අනතුරු අඟවයි ඉදිරි දින කිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 April 2023
ඇඹිලිපිටිය ළමා දැඩි සත්කාර වාට්ටුවට අසාධ්‍යයි ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ උපතින් දුර්වල දරුවන් ට ප්‍රතිකාර කරන ඉන්කියුලේටර් යන්ත්‍ර හතක් මේවනවිට අක්‍රියව ඇති බව ඒම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසයි. 30 April 2023
ගොතටුවේ සහල් ගබඩාවකට සීල් පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 30 April 2023
මල්ලී යැයි සිතා අයියාට ගහලා මොරගහහේන නාගල කන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ඇඳක නිදා සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දුන් සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 29 April 2023
ආබාධිත කත මරා පනින්න බැරි වේ මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තනිව සිටි ආබාධ සහිත කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 29 April 2023
පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන් වේ යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 29 April 2023
පොහොට්ටු අපෙක්ෂකයා ගැන කෙළ බිඳක් හෙලන්න එපා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 29 April 2023
පූජකයා මරා රන් ආභරණ කොල්ල කාලා මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජකවරයකුගේ නිවසකට ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසක් පූජකයා මරා නිවසේ තිබූ රන් පවුම් 15 ක ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය. 29 April 2023
පානදුරේ කිඹුලා අල්ලයි පානදුර වෙරළේ සැරිසැරූ අඩි 7 ක් පමණ දිගැති කිඹුලා අද පස්වරුවේ අල්ලා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත. 29 April 2023
පරවියන් සොරගෙන මරා මස් කා අන්තර් ජාලයටත් දාලා අලුත්ගම දර්ගානගරය විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 29 April 2023
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ නිවේදන පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. 29 April 2023
තෙල් හෙරා කෑවැයි නයිජීරියාවේ සිරගත කළ ලාංකික නැවියන් නිදහස් නයිජීරියාවේ බොරතෙල් මංකොල්ලකෑම පිළිබඳ චෝදනා එල්ලවීම හේතුවෙන් සිරගතකර සිටි නොර්වේජියානු එම් .ටී හිරෝයික් ඉදුන් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඇතුළු නාවිකයන් 26 දෙනා එම චෝදනාවලින් නයිජීරියානු අධිකරණය නිදොස් කොට නිදහස් කර ඇත. 29 April 2023
ගාලු සාහිත්‍ය උළෙල යළි පවත්වන්න ජනපතිගෙන් උපදෙස් වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 29 April 2023
යාළුවා මරා රට පනින්න බැරිවේ අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී සිය මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 29 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026