
ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.
එදා සිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් ග්‍රහණෙයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් නැවැත්වීමට, මැදහත් වී සිටින්නේ කටාර් රාජ්‍යයයි. කටාරය නව යෝජනාවක් සකස් කර ඇත්තේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් මුලුමනින්ම නවත්වා දැමීමටය.
එම යෝජනාව සම්බන්ධයන් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්විය. සිවුදින සටන් විරාමයකට කැමැත්ත පළ වූයේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිවු දින සටන් විරාමයකට කැමැත්ත