IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වඩුක්කෝඩෙයි සිද්ධියට පොලිසියේ දෙකකට මාරු

ඉන්දිකා රාමනායක)

සොරකම් රැසක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි⁣ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළ දි හදිසියේම රෝගී ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්  උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි.

යාපනය කාරණාවෙඩ්ඩි සින්නකර්නි පදිංචි නාගරාසා ඇලෙක් (26) නමැති තරුණයා මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සොරකම් රැසක් සම්බන්ධයෙන් මෙම තරුණයා  වඩුඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (20) පැවැත්වීමෙන් අනතුරුව පහරදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල හේතුවෙන් වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විසින් සිය වාර්තාව මගින් දන්වා තිබූ බවද එම උසස් නිලධාරියා කීය.

 



අදහස් (2)

වඩුක්කෝඩෙයි සිද්ධියට පොලිසියේ දෙකකට මාරු

Nimal Wednesday, 22 November 2023 07:39 PM

ස්ථාන මාරුවක් ලබාදීම පමණක් සෑහෙයිද?

:       0       8

abaran Thursday, 23 November 2023 12:48 AM

මිනිස්සු නීති විරෝදී වුණාට පොලීසියට නීතිවිරෝධී වෙන්න බැරි බව අපේ රටේ බොහෝමයක් පොලිස් නිලධාරීන්ට තේරුම් යන්නේ එයාලාටත් කම්බි කූරු ගනින්න වුණූ දාටයි. මේ මිනිස්සු දෙන්නාටත් එම තත්වය ඇතිවීමට බොහෝදුරට ඉඩ තියෙනවා. ඔබලා බලුවැඩ කළාම ඔබලාට විතරක් නෙවෙයි... අපරාදේ ඔබලාගේ දරු මල්ලන්ටත් ඒවායින් විඳවන්න වෙනවා කියලාවත් හිතපල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site