IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝලම් මඩුව පිස්සන් කොටුවක් කරන්න එපා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෝලම් මඩුවක් වෙලා තියෙන මැතිසබය පිස්සන් කොටුවක්වීමට ඉඩ දිය නොහැකි යැයි බුද්ධ ශාසන අමාත්‍ය සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයක්   සභාගත කළ විට  ඊට විපක්ෂයෙන් විරෝධය මතුවූ අවස්ථාවේදීය.

විදුර වික්‍රමනායක මහතා මෙසේද සඳහන් කළේය.

ගරු කතානායකතුමනි, ප්‍රශ්න වලට  ලබාදීලා තියෙන වෙලාව ඉවරයි. ඒ නිසා මම මේ ප්‍රශ්නෙ  උත්තරය  සභාගත කරනවා. මේකෙ විනයක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුව  කෝලම් මඩුවක් වෙලා තියෙනවා දැන් පිස්සන් කොටුවක් වෙන්න දෙන්න බැහැ.

ඉෂාක් රහුමාන් මහතා:

මගේ ප්‍රශ්නයට  ඇමතිතුමාට උත්තර දෙන්න කියන්න.

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:

මුලසුනට තියෙන  අභිමතය හෑල්ලුවට ගන්න දෙන්න එපා. පළමු වතාවේදී ප්‍රශ්නයක් සභාගත කරන්න බැහැ.  ප්‍රශ්නයකට පළමු වතාවේදී උත්තර දිය යුතුමයි. දෙවැනි වතාවේදි සභාගත කළාට කමක් නැහැ. ඇමතිතුමාට තරහ ගිය එක  සාධාරණ ඇති. මේ මන්ත්‍රීතුමා නොවේ ඒක කළේ. ප්‍රශ්නය සභාගත කිරීම  මන්ත්‍රීතුමාට කරන අසාධාරණයක් . මුලසුන ඒ අසාධාරණය කරන්න එපා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව උත්තර දිය නොහැක කියන එකත් උත්තරයක්.

කතානායක:

උත්තර දෙනවද නැද්ද කියන එක   ඇමතිතුමාගේ අභිමතය

ඉෂාක් රහුමාන් මහතා

කතානායකතුමා කලබල වෙන්න එපා.

කතානායක:

ඉක්මනට අහන්න

රහුමාන් මහතා;

ඔබතුමා මාව බය කරනවනේ

කතානායක:

මම කියන්නේ කාලය නාස්ති කරන්න එපා කියල විතරයි.



අදහස් (2)

කෝලම් මඩුව පිස්සන් කොටුවක් කරන්න එපා

බද්රානි Wednesday, 22 November 2023 02:48 PM

පිස්සන්ගේ මළ කෝලම් බලනවා හැර අපිත් වෙන මොනවා කරන්නද..? අනික ඉතින් පිස්සෝ පිස්සු කෙලිනවා හැර වෙන මොනවා කරන්නද..? මොනා වුණත් පිස්සෝ ලොකුවට හිතාගෙන නම් ඉන්නවා...

:       0       10

ගමේ එකාලා Wednesday, 22 November 2023 07:17 PM

තිරිසන් සතුන්ටත් වඩා අන්තයි, දෙපා සතුන්ගේ හැසිරීම. කිසිම චාරයක් නැති, ලැජ්ජාවක් නැති නූගත් ගොන් තක්කඩි පාර්ලිමේන්තුවට යැවීමේ විපාක ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site