IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැලේ කිතුල් මදින්න අවසර

(අංජුල මහික වීරරත්න)

වනජීවී හා වන සංරක්ෂණ කලාප වල ඇති කිතුල් ගස් මැදීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට කැලයට ඇතුළුවීම සඳහා අවසර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වන සංරක්ෂණ කලාපවල කිතුල් මැදීම සඳහා අවසර දෙන ලෙස අමාත්‍යවරයා වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

කිතුල් පැණි හා හකුරු වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන්නැයි  අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

 කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ  ඉහළ ඉල්ලුමක් පවතින හෙයින්  කිතුල් පැණිවල ප්‍රමිතිය අනිවාර්යෙන් තහවුරු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.

ඇතැම් නිෂ්පාදනවලට සීනි කවලම් කිරීම නිසා කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී ගැටලු මතුවන බව අමාත්‍යවරයා පැවසීය.

මෙරට ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය ලක්ෂ 30ක් වන අතර  ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සියයට 20ක් පමණි. ඉතිරි සියයට 80ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇතැයි කිතුල් සංවර්ධන මණ්ඩලය පවසයි.

 



අදහස් (5)

කැලේ කිතුල් මදින්න අවසර

ලුම්බිණි Wednesday, 22 November 2023 12:37 PM

පුළුවන් නම් ඉතුරුවෙලා තියෙන කැලැවත් ඉවර කරනවා.

:       3       3

සුනිමල් Wednesday, 22 November 2023 12:44 PM

මුලින්ම සීනි හා එකතුකළ අගය කියලා රසකාරක මිශ්‍ර කිතුල් හකුරු හා කිතුල් පැණි විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න (එහෙම කියන්නේ සමහරක් වෙළෙන්දෝ සීනි නැති කිතුල් පැණි හොඳ නැහැ කියලා බාල පැණි විකුණනවා... සීනි මිශ්‍ර නොකළ කිතුල් පැණි ඉතාමත් රසවත්...) දෙවනුව ගෙවතුවල තියෙන කිතුල් මැදීමට අවසරය ලබා දෙන්න. තෙවනුව කැලේ තියෙන කිතුල් ගස්වලට බලපත්‍ර දෙන්න එහෙත් සෑම මලක්ම කැපීමට බලපත්‍ර නොදෙන්න (නැත්නම් කැලයේ කිතුල් ගස් නැතිවේවි..) මෑතකදී අහන්න ලැබුණා ත්‍රීවීලර් එකක බුදු පිළිමයක් තිබුණා කියලා.. පෙට්‍රල් ලීටරයක දඩයක් ගැහුවා කියලා එහෙම දේවල් කිතුල් මැදීමේදී අනන්තවත් වෙන්න පුළුවන්... ඒ ගැණත් අවධානය යොමුවේවා...!

:       1       2

සාලිය​ Wednesday, 22 November 2023 01:07 PM

කිතුල් රා වලට බයිට් එකත් කැලෙන්ම හදා ගන්නත් අවසර දුන්නා නම් හොඳ සංචාරක ප්‍රොජෙක්ට් එකකි...

:       6       0

Kithulgoda Wednesday, 22 November 2023 06:41 PM

ඕක හරියන්නේ නැහැ....

:       1       0

ගමේ එකාලා Wednesday, 22 November 2023 07:03 PM

කිතුල මදින ගමන් කිතුල් රා එහෙමත් පෙරාගන්න බැරියැ. අපේ අයගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site