
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ චීන අපනයන ආනයන බැංකුව අතර මෙරට චීන ණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.
නිල ණය හිමියන් සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමට සූදානම් බව පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී ලංකාවට අනුමත කළ මුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදු කළ පළමු සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබන මස 6 වැනිදා වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ(22) වාර්තා කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ණය මුදලේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීන ණය ගැන එකඟතාවය ඉතා වැදගත්