(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට වෙළෙඳපළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟයක් ඇති නමුත් එම හිඟය වෙළෙන්දන් කෘත්‍රිමව නිර්මාණය කළ එකක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2022/23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් ලක්ෂ 8ක වී වගා කළ අතර එම වර්ෂයේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ගෙන ඇතැයි ද සාමාන්‍යයෙන් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර ඒ අනූව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ අතිරික්තයක් රටේ තිබිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
එමෙන්ම BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය අක්කර 175,000ක වගා කර තිබෙන අතර එමගින් ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන් 5000ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහකන්නයේදී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000 ක අස්වැන්නක් ලබලා
සිල්වා Wednesday, 22 November 2023 05:25 PM
මොනවා කීවත් ප්‍රශ්නය තිබෙන්නේ වී මිල සමගයි. පාලනයක් නොමැතිව වී මිල වැඩිවන අතර සහල් මිල පාලනයට යටත්ව ඇති බැවින් සහල් වෙළඳාම පාඩුවන තත්වයක් උද්ගත වී ඇත. සහල් වෙළෙඳුන් සහල් වෙළෙඳාම අත්හරිමින් සිටිති...!
රංබොඩ Wednesday, 22 November 2023 06:30 PM
රටතුළ අවශ්‍ය තරම් හැම භෝගයක්ම නිෂ්පාදනය වෙනවා. අතරමැදියන් ගොවියත් පාරිභෝගිකයත් දෙන්නාවම ගසාගෙන කනවා. නිෂ්පාදන රට පුරා බෙදා හැරෙන්නේ නෑ. මේවා හැදෙන්නේ නෑ කවදාවත්... මොකද දේශපාලකයින්ට ඒවා හදන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබ්බත් කරන්න දෙන්නේ නෑ... පඹගාලක්...!