
(කේ බුද්ධික කුමාරසිරි)
දිවා කාලයේ වසා තිබෙන නිවාසවලට ඇතුලු වී සොරාගත් රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් රත්‍රං භාණ්ඩ තොගයක් සමග යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයකු පිළිබදව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත හබරකඩ සමුපකාර මාවත බෝධිරාජ පෙදෙසේ දී සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවාස බිඳීම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අතුරුගිරිය, මීගොඩ, මාලබේ, හෝමාගම, කිරිබත්ගොඩ පොලිස් වසම්වල නිවාස 11 කින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇත.
සැකකරු සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් දහයෙන් නවයක් සමත්ව උසස් පෙළ සදහා සුදුසුකම් ලැබුවද නිවසේ තිබූ ආර්ථික අපහසුතා නිසාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ නොදී යුද හමුදා සේවයට එක්ව ඇති බවත් යුද හමුදාවට එක්වීමට පෙර ද නිවාසවලට සොරෙන් ඇතුලු වී ආහාරපාන සොරා ගැනීමට පුරුදුව සිට ඇතැයිද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොරා ගත් ලක්ෂ 50 රන් සමග හිටපු හමුදා සෙබළා මාට්ටු