IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’රට බංකොළොත් කෙරූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න’’

(නිමල කොඩිතුවක්කු)

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත්  රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 

ගෝඨා මහින්ද බැසිල් ඇතුළු රට බංකොලොත් කළ පාපතරයින් ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් "යුක්තිය වෙනුවෙන් ජනමතය"මඇයෙන් එම අත්සන් ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

මෙහි දී මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශාල පිරිසක් මෙම මහජන පෙත්සම සඳහා අත්සන් කරනු ලැබීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (12)

’’රට බංකොළොත් කෙරූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න’’

Sara Thursday, 23 November 2023 02:14 PM

මේ කවුද? බංකොළොත් කරපු සෙට් එකේ ඔබලාත් ඉන්නවා මුලින්නම්... ඔවුන් විතරක් නෙවෙයි...!

:       9       9

රංබොඩ Thursday, 23 November 2023 02:28 PM

සියලුම දේශපාලකයින් ඔය කුලකයට අයිතියි. කාටවත් අත් හෝදගන්න බෑ. කවුරුත් කරන්නේ ලද සැණින් හොරකම් කරන එකයි...

:       4       9

පිටරැටියා Thursday, 23 November 2023 02:31 PM

ඉතාමත් හොඳ අදහසක්. අපිත් එක පයින්ම එකඟයි. ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරපු දූෂිත බලලෝභී දේශපාලුවන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගතයුතුයි...

:       0       16

දාස Thursday, 23 November 2023 03:01 PM

මේ එක්කම හොඳයි නේද හිටපු ජනධිපතිලා ඔවුන්ගේ භාර්යාවන් රටේ ජනතාවගේ මුදල්වලින් යැපෙන එක නවත්වන්න කියලා, රටේ මිනිස්සුන්ට කන්න නැහැ... බෙහෙත් නැහැ...

:       2       15

සිල්වා Thursday, 23 November 2023 03:17 PM

රට බංකොලොත් කළ දේශපාලකයින්ගේ ලැයිස්තුවට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්න බලය ගත් අය සිට බුද්ධිමතුන් මරා ලයිෆ් කණු පෙරළූ අය සහ එල්ටීටීඊ සංවිධානයද ඇතුළු වේ...

:       4       5

ලයන් Thursday, 23 November 2023 04:50 PM

කාවද රවට්ටන්න හදන්නේ? මෙහේ රාජපක්ෂලගේ ප්‍රජා අයිතිය නැතිකරන්න කොළ අත්සන් කරනවා... පාර්ලිමේන්තුවේ රාජපක්ෂලාට සැපදෙන්න ඔවුන් නඩත්තු කරන්න සල්ලි වෙන් කරන්න අත උස්සනවා... ඒකට විරුද්වධ අත ඉස්සුවේ ජෙප්පෝ 3 විතරයි.. ඔය හින්දා තමයි රන්ජන් කිව්වේ මේ ඔක්කෝම යාලුවෝ කියලා...

:       3       12

fairoos Thursday, 23 November 2023 05:24 PM

රට බේරගන්න කවුරුහරි එන්න... රාජපක්ෂලාට විතරයි පුළුවන්...!

:       9       2

Bamunuarachchi Saturday, 25 November 2023 05:35 PM

නැතුව බොල! රට බේරගන්න වෙන එවුන් හිටියා නම් යුද්දේ අවුරුදු 30 යන්නේ කොහොමද? හත්සියපනහ කිලෝ එකට‍ කිරණ මස්කඩ කාරයෝ ඕවා දන්නේ නැහැ...

:       0       0

ගමේ එකාලා Thursday, 23 November 2023 07:21 PM

අපි අද නොවිඳිනා දුක් විඳින්නේ කාලකන්නි දූෂිත දේශපාලුවෝ රටට කරපු වින්නැහිය නිසා. ප්‍රජා අයිතිය අහෝසි කරලා විතරක් මදි. අපෙන් හොරාකාලා යටිමඩි ගහගත්තුවත් අයකරගෙන, සදහටම හිරගෙදරට යවන්න පුළුවන් නම් ලොකු දෙයක්. නැත්නම් බලලෝභී, දූෂිත ගේම්කාරයෝ ටික එකතුවෙලා පාස්කු ප්‍රහාරය වගේ යටිකූට්ටු වැඩක් කරන්ඩත් බැරි නැහැ...

:       1       8

මැක්ස් Thursday, 23 November 2023 07:28 PM

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කරමින් මේ රටට කළ වින්නැහිය දන්නා කිසිවෙක් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි අසික්කිත වැඩේට අත උස්සන්නේ නැත. සජිත්ගේ අප්පොච්චිලා කළ දේශපාලනය පුතණ්ඩියා ද ඉදිරියටත් කරගෙන යාම මගින් පෙන්නුම් කරන්නේ විපක්ෂ නායකයාගේ ඇති නොමේරු භාවයයි. මුග්ධ භාවයයි. දේශපාලනයේ අඳබාලකමයි.

:       8       2

Bamunuarachchi Thursday, 23 November 2023 11:55 PM

ඉස්සෙල්ලම ප්‍රජා අයිතිය නැතිකරන්න ඕන JR, ශ්‍රීමත් ප්‍රේමදාස්, චන්දරිකා, රනිල් හා යහපාලක ගොයියන්ගේ.

:       0       1

Perera Friday, 24 November 2023 04:03 AM

ආණ්ඩු පක්ෂ විපක්ෂ මුන් ඔක්කොම තට්ටු මාරු ක්‍රමයට හවුලේ බංකොලොත් වෙනකම් රට කාපු එක තමයි කෙරුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site