IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ   නායක අනුර කුමාර දිසානායක මහතා  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද සඳහන් කළේය.

විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. කවුරු  පාලනයේ  හිටියත් හමුදාවට දේශපාලනය ගේන  එකට අපි විරුද්ධයි. ඔබතුමා හිටියත් ඒකට විරුද්ධ වෙනවා.  මම දන්නවා.
සම්පත් තුයකොන්තා හිටපු ගුවන් හමුදා නිලධාරියා  ගුවන් හමුදා ඩාන්ස් එකේ හිටියා. මම දැක්කා.

විශ්‍රාමික හමුදා නිලධාරියකුට හමුදා කඳවුරට එන්න විශේෂ හේතුවක් නෑ. එහෙම එනවනම්  විශේෂ අවසරයක් ඕන. මම ගියත් ගුවන් හමුදාපති දැනුවත් කරලා යන්නේ. ගුවන් හමුදාපති මගින් එතන කඳවුරේ නිලධාරීන් දැනුවත් කරලා යන්නේ.

ඒ ගියත් මම එතන දේශපාලනය කතා කරන්නේ නැහැ.

ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ නිලධාරීන් ගණනාවක් ඉන්න බව මම දන්නවා. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒකෙන් කීප දෙනකුට විතරක් මේ ප්‍රශ්නය ඇති වුණේ  ඇයි කියලා. එතකොට අනිත් අයට බාධාවක් නැහැ. සමහර තැන්වල  අසාධාරණකම් සිද්ධ වෙලා තිබුණා. අපි ඒ තීරණ  වෙනස් කරල තියනවා.

දේශපාලනය හමුදා  කඳවුරුවලට කරුණාකරලා ගේන්න එපා.  හැම දේශපාලන දේශපාලන  ව්‍යාපාරයකින්ම මම  ඒක ඉල්ලනවා.



අදහස් (5)

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

ravin Thursday, 23 November 2023 01:59 PM

හමුදාවෙන් දේශපාලනීකරණය වෙලාද කියන එක ඉතිහාසය දිහා හොඳට හැරිලා බැලුවොත් පෙනේවි...! 

:       0       0

විපරමා Thursday, 23 November 2023 02:18 PM

දේශපාලුවන්ට නම් කිසිම නීතියක් අදාල නැතුව ඇති. රටම වලපල්ලට වැටුනේ දූෂිත දේසපාලුවෝ හැම දේකටම ඇඟිලි ගහන්න ගිය නිසා.. හමුදා කඳවුරු වලට දේශපාලනේ ගේන්ඩ එපා කියන්නේ ඇයි බයද? ගෙනාවත් නොගෙනාවත් කාලකන්නි, දූෂිත දේශපාලුවන් රටට කරපු විනාසේ ගැන ලෝකෙම දන්නවා.

:       0       1

vihanga Thursday, 23 November 2023 02:33 PM

හමුදා කඳවුරුවලට දේශපාලනේ ගෙනාවේ ඔබලගේ මහින්ද මහත්තයාම තමයි. හමුදාවේ කොල්ලෝ දම්මලා, බේබිලාට රේස් පදින්න වැලි කොට්ට ගැස්සෙව්වා... උතුරේ පළාත් සභා ඡන්දේ වෙලාවේ කොල්ලො දම්මලා පෝස්ටර් ගැස්සෙව්වා...!

:       1       2

ගමේ එකාලා Thursday, 23 November 2023 07:29 PM

හමුදා සෙබළුන් ලවා වැඩකරවා ගත්තේ දූෂිත දේසපාලුවෝ, අරලිය ගහ මන්දිරයේ මකුළු දැල් කඩන්න, සුද්ද පවිත්‍ර කරන්න,මල් පෝච්චි උස්සන්න, වතුර දාන්න ඒවා කරවන කොට තමුන් නිදාගෙන ඉන්න ඇති. දූෂිත බලලෝභී, කාලකන්නි දේශපාලුවෝ, රණවිරුවන්ගේ ගරුත්වයත් නැති කරලා දැම්මා...

:       0       1

බණ්ඩාර Thursday, 23 November 2023 08:30 PM

හමුදාව දේශපාලනී කරණය කිරීම වෙනුවෙන් වගකිව යුතු අශීලාචාර දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකුගේ අසත්‍ය ප්‍රකාශය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site