(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල උයන්දන පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුව අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු  අද පස්වරුවේ මංකොල්ලකා පලා ගොස් ඇති බව දොරටියාව පොලීසිය පවසයි.

පිස්තෝලයක් එල්ල කරමින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා බැංකු ශාඛාවේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනා බිගන්වා එහි තිබූ මුදල් තොගයක් කොල්ලකා පලාගොස් ඇත. කොල්ලකා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වී නැත.

සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ ඇති බවද උයන්දන ඉන්ධන පිරවුම්හල ඇතුළු ජනාකීර්ණ ස්ථානයක පිහිටි බැංකුව කොල්ලකා ඇත්තේ විශාල පිරිසක් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිටි අවස්ථාවදී බවද කියයි.

කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයට මහදවල් ප්‍රසිද්ධියේ මංකොල්ලයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තාවේ.