(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 හරක් කටා වගේ අයට එන හැම කෝල් එකක්ම චෙක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හරක් කටා වැනි අයට එන කෝල් චෙක් කරන්නැයි මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී අමාත්‍යවරයා ඒ අය ආශ්‍රය කළේ කවුදැයි යනාදිය පිළිබඳව ද සොයා බලන බව කීය.

එමෙන්ම පාතාල අයගේ වත්කම් බලා  රාජසන්තක කරන්නට වැඩ පිළිවෙළක් සකස් කරන බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 118 අංකයට කථා කොට ඕනෑම තොරතුරක් ලබා දෙන්නැයි ද එම තොරතුරුවල රහසිගත බව රකින බව ද අමාත්‍ය ටිරාන් අලස්  මහතා සඳහන් කළේය.