IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හමුදාවේ විසි හත්දාහක් සේවය හැර ගිහින්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුද හමුදාවේ  27000 ක් පසුගිය වසර දෙකේදී   සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම මහතා  පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය

මෙතන කුමක් හෝ ගැටලුවක් තිබෙන හෙයින් එම ගැටලුව වහා ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

යුද්ධ කාලයේදිවත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද  මන්ත්‍රීවරයා කීවේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදීය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

දේශපාලඥයන් බරපතළ ලෙස  අපයෝජනයට ලක් කළ ආයතනයක් තමයි පොලිසිය.

යුද හමුදාවේ දෙවැනියා දින හතළිහක් නැහැ. යුද  හමුදා ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වෙච්ච දෙයක්. එහේම ප්‍රමාදයක් ඇති වුණේ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හමුදාව ඇතුළේ ගැටලුවක් මතුවෙලා තියෙනවා.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. අවිශ්වාසයක් මතුවෙලා. රටේ මාසයකට මනුෂ්‍ය ඝාතන 50ක් සිද්ධ වෙනවා.  පැය දාහතරකට එක ඝාතනයක්.  සමහර මාස වල ඝාතන හැට ගණන් සිද්ධවෙලා.



අදහස් (3)

හමුදාවේ විසි හත්දාහක් සේවය හැර ගිහින්

abaran Thursday, 23 November 2023 03:49 PM

ඇයි තේරෙන්නේ නැතිද යුද්දෙ කාලේ තරම් සෙනඟක් දැන් හමුදාවට අවශ්‍ය නැති බව... එංගලන්තේ හමුදාවේ ඉන්නේ සොල්දාදුවන් ලක්ෂයයි. ඉතින් අපි වගේ හිඟන මට්ටමට වැටුණු රටකට ලක්ෂ 3කට ආසන්න හමුදාවක් අවශ්‍යද? පාසල් පටන්ගන්න වෙලාවටයි ඇරෙන වෙලාවටයි ටිකක් විමසිල්ලෙන් බලාගෙන හිටියොත් තේරුම්ගන්න පුළුවන් වේවි... හමුදාවේ ප්‍රමාණය අඩුකළ යුත්තේ ඇයි කියලා... මේ අය ශ්‍රම බලකායට වෙනස් ප්‍රවේශවලින් එකතුකළ හැකියි...

:       0       6

nahinda Thursday, 23 November 2023 04:03 PM

ඉතා හොද ප්‍රවණතාවක්. ලංකාවට මේ තරම් විශාල හමුදාවක් ඔරොත්තු දෙන්නේ නැහැ...

:       0       9

Bamunuarachchi Friday, 24 November 2023 08:34 AM

ඉතින් හොඳයිනෙ නිකන් ඉඳගෙන පඩි ගන්න අකමැති නිසා යන්න ඇති. නැවත රටේ හදිස්සි අවස්ථාවක්‌ ආවොත් හමුදා පුහුණුව තිබෙන නිසා නැවත ගෙන්වමු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site