(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
හම්බන්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා එතකොට බෙහෙත්? මහින්ද මහතා ජේෂ්ඨ පුරවැසියන්ට සීමාවකට යටත්ව 15% පොලී අනුපාතයක් දුන්නේ ඔවුන්ගේ සැන්දෑසමය බෙහෙත් වලින් ගත කරන නිසා ඒ බෙහෙත් ටිකවත් ගන්න ආධාරයක් වෙන ලෙසටයි තොපි කලේ ඒ මුදලත් ජේෂ්ඨ පුරවැසියන්ට නැතිකර වැට් බද්දකුත් ගැසීමයි. ඒ කරපු හෙනම ගහපන් කියා ඒ ජනතාවගේ කටවල් වලින් කීම හරිම සාධාරණයි නේද?
ඒ කියන්නේ පෙට්‍රල් මිල තවත් වැඩිවෙනවා කියන එකනේ... හරි ශෝක්නේ අපිට. මීට වැඩිය හොඳයි.. අපිට වැට් බැද්දෙන් නිදහස් කරල වස ටිකක් විකුණන එක...!
ඒකෙනුත් පොඩි එකාලාට තමයි බඩේ පහර වදින්නේ ලොකු ලොක්කෝ පාවිච්චියට ගන්නා අධි සුඛෝපභෝගි වාහන ඩීසල් නේද ත්‍රීවීලර් හා කුඩා කාර් පාවිච්චියට ගන්නේ සාමාන්‍ය ජනතාව... යතුරුපැදි පදින්නේ සාමාන්‍ය ජනතාව. එහෙම බැලුවම කෙලින්නේම පොඩි එකාටම කියලා තමයි කියන්න වෙන්නේ..!
හරිම සැපයි... මැති ඇමැතිලා පදින වාහන ඔක්කොම ඩීසල්... අහිංසක ජනතාව... මෝටර් සයිකල්... ත්‍රී වීලර් පදින්නේ. කාර් තියෙන අය අඩුයි. මේකට තාත්තාට වුණු දේ නොවුනොත්පුදුමයි...!
පෙට්‍රල් ලිටරේක මිලෙන් භාගයකට වැඩියෙන් තිබෙන්නේ විවිධාකාර බදු, එම බදු වලට තව 18% ක වැට්බද්දක් ගහන එක ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ඔබට නොතේරෙන්නේ කිමද? ලංකාවේ ඉන්ධන, විදුලිය සිංගප්පූරුවට සමාන තත්වයකට පැමිණ ඇත. නිෂ්පාදන වියදම ඉතා වැඩි නිසා දිනෙන් දින ව්‍යාපාර වැසෙමින් පවතින නිසා මිනිස්සුන්ට රැකියා අහිමිවන තත්වයක රට පවතින අවස්ථාවක පැට්‍රොල් මිල වැඩිකිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි.