
(යොහාන් භාසුර)
අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ වාර්තාවකින් හෙළිවූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද (26) පැවසීය.
කොළඹ ගුරුමැදුරේදී අද (26) පැවැති මාධ්‍ය හමුවේදී ජෝශප් ස්ටාලින් මහතා එසේ පැවසීය. 2020 ජනවාරි 1 වැනිදා සිට 2022 මැයි 31 දින දක්වා කාලය තුළදී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණන වාර්තාවෙන් එම කරුණු එළිවන බවත් විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන ලේකම්වරයා දරුවන් ඇතුළත් කිරීම සඳහා ලිපි 3,308 නිකුත් කර ඇති බවත් කීය.
එම ලිපිවලින් සියයට 72 ක් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර ඇති බව කී ස්ටාලින් මහතා ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති අතර ළමුන් ඇතුළත් කිරීමේ ලිපිය නිකුත් කර ඇත්තේ දෙමාපියන්ට නොව ඉල්ලුම්කරුට ද බව ද සඳහන් කළේය.
මෙහි බරපතළ පීඩාවට පත් වන්නේ 5 වසර ශිෂ්‍යත්ව ලාභීන් වන අතර පසුගිය වසරේ 5 වසර ශිෂ්‍යත්වය පන්තිය සඳහා කොළඹ විශාඛා විද්‍යාලයට ලිපි 41 ක්, කොළඹ ආනන්ද විද්‍යාලයට ලිපි 48 ක්, කොළඹ නාලන්දා විද්‍යාලයට ලිපි 38 ක්, කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට ලිපි 33 ක්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලිපි 31 ක්, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ලිපි 48 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලිපි 29 ක්, මහනුවර මහමායා බාලිකාවට ලිපි 30 ක්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලිපි 15 ක් සහ මහනුවර උසස් බාලිකාවට ලිපි 31 ලෙස ප්‍රධාන පෙළේ පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමට ලිපි නිකුත් කර ඇති බවත් මේ හේතුවෙන් ශිෂ්‍යත්ව සමත් දරුවන්ට 6 ශ්‍රේණියේ අවස්ථාව අහිමි වී ඇති බවත් ඒ මහතා කීය.
අතරමැද පන්තිවලට ලිපි හරහා සිසුන් දහස් ගණන් ඇතුළත් කර ඇති අතර එයින් කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් විශේෂත්වයක් ගෙන ඇති බව කී ස්ටාලින් මහතා අසාධාරණ ලක්වූ දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ දරුවන් කොහේ ඉගෙන ගත්තම මොකද. ගමේ ළමයිනුුත් ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්නෙ නැතිව නෙවෙයිනෙ.
ඒක ඔඩිට් එකෙන් හොයනකම් මේ මනුස්සයා දැනන් ඉඳලා නේ කොහෙද ඕනේ නැති දේවල් මිසක ඕනේ දේවල් හොයන්නේ නෑනේ
අපේ රට විනාශ කරනවා...
ඇත්තටම එහෙම වෙලා තියෙනවා නම් ඒක වැරදියි. ඒ දෙයින් අසාධාරණයට ලක්වන්නේ අහිංසක දුප්පත් දරුවන්. ඉදිරියේදීවත් එහෙම දේවල්වලට ඉඩ නොදෙන්න ඕනේ...!
ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර තිබේනම් ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති අතර ළමුන් ඇතුළත් කර ඇතිනම් මහපාරේ ගැටළු විසඳා ගැනීමට උත්සාහ නොකර උත්ඝෝෂණ නොමැතිව අධිකරණයට යාම වෘත්තීය සමිතිවල වගකීමක්...!
රාජකීය විද්‍යාලයේ නම නැත්තේ මොකද දන්නේ නැහැ.
ජනප්ප්රිය පාසල් වලට ඇතුල් වෙන බොහෝ ළමයි බොරු දත්ත දීල ඇතුල් වෙන ළමයි තමයි. නැතිනම් කොහොමද ඈත ප්‍රදේශ වල ඉඳලා ළමයි කොළඹ ජනප්ප්රිය පාසල් වලට එන්නේ. ළමයිගේ අද්යාපනය කාබාසිනියා කරපු තමුන් වගේ පල් හොරිකඩයෙකුට ඒ ගැන කථා කොරන්න අයිතියක් නැහැ. තුම්සේ ගුරුඅයිතිය ගැන කථා කොරනවා අනික් ප්‍රශ්න අපි බලාගන්නම්. හොරිකඩයා
ස්ටාලින් ගුරු සංගමයේ නායකයා නේද මේ කාලයේදී?
දරුවො පාසැල් වලට ඇතුළත් කිරීමේදී තරම් දූෂණයක් වෙනත් කිසිම තැනක වෙන්නෙ නැහැ කියන්න පුළුවන් මගේ අත්දැකීම් දෙකක් කියන්නම් එකකදී නියෝජ්‍ය විදුහල්පති රුපියල් ලක්ෂ දෙකහමාරක් ඉල්ලුවා දෙවනුව මගේ බිරිඳගේ මල්ලිගෙ පංතියේ සගයෙක්වූ ජාතික පාසලක මෙන්ම බිරිඳගේ උගත් පාසැලේ විදුහල්පති මගහැර ගියා ඒත් විද්‍යා අංශයේ අධිපති කියන දෙයක් කලොත් පුළුවන් කියලා මෙයට පෙර හිටපු ජනාධිපතිගේ ප්‍රචලිත නොවූ නමක් ඇති කෙනෙකුට පැවරුවා රජයේ සේවයේ සිටි මට විද්‍යාලයේ තිබූ උසම ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්න කිව්වා ඒ සමග පැමිණි ෆැජරෝ එකකින් පැමිණි කෙනෙකුගේ කරට අත දමාගෙන ගොස් ඔහුට එතනම තිබුනු සින්ක් එක අලුත්වැඩියා කරන්න පමණක් භාරදුන්නා මේවාට ඔය සංගමේ ලොක්කොත් වගකියන්න ඕන අනුන්ට දෙස් කියන සංගම් ලොක්කො හරියට අසූචි හිස මුදුනේ තියෙන ඉස්සන්ට දෙවැනි නැහැ කොහොම වුනත් පාසැල් වල කරන ඔය අලුගුත්තේරු වැඩට සම්බන්ධ කාට කාටත් කවදාහෝ ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න බැහැ
ලොකු බොරු කාරයෙක්.
මේ කාලකන්නියව රටෙන් එලවන්න ඕනා.