
(අංජුල මහික වීරරත්න සහ රෝහණ චන්ද්‍රදාස)
ෂැංග්‍රිලා හෝටලයට එම ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා නොච්චියාගම දී ප්‍රශ්න කළේය.
ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තයෙන් ද අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීවෙි 2024 අයවැය යෝජනාවක් වන "උරුමය" වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී ඊයේ (26) ආරම්භ කරමිනි.
රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම ඔවුන්ට රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
"උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක අහන්න ඔයාව ඔතැනට ගෙනාව රාජපක්ෂ කල්ලියෙන්, ඒ අය තමයි ඒක කෙරුවේ. උරුමය කියන බොරුව නම් මොවුන් කවදාවත්ම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඕක ජනාධිපතිවරණය දිනාගන්න අටවන උගුලක් විතරයි දින්නාම රටේම ඉඩම් චීනයටයි, ඉන්දියාවටයි විකුණලා දායි...!
ඔය කියන තරම් තර්කය සරල නැහැ. අක්කර දහස් ගණන් ඉඩම් එකතු කරලා ව්‍යාපාරයක් හදලා, එම ව්‍යාපාරයේ කොටස් ජනතාවට දෙන්න. ඉඩම් කැබැලි දුන්නාම ඒවාට වෙන සෙතක් නැහැ. විකුණනවා. පාලුවට යනවා. කිසිම පාලනයක් නැහැ. ව්‍යාපාරයක් ඇති කළාම පරිපාලනය පහසුයි. ගැටළු හඳුනා ගැනීම, විසඳීම ක්‍රමවත්... ශක්තිය වැඩියි. ව්‍යාපාර කිරීම පහසුයි. අස්වැන්න විකුණාගැනීම පහසුයි. වගාකිරීම කාර්යක්ෂමයි. යටිතල පහසුකම් දීම පහසුයි. චීනයේ මිලියන සිය ගණනක් දුගීබවෙන් මිදුනේ මේ ක්‍රමයට...!
ශැන්ග්‍රිල්ලා හෝටලේ හදන්න කුනුකොල්ලෙට , යුදහමුදා මූලස්තානයේ විකුණපු එකාගේ පිහිටෙන් ජනාධිපතිවෙලා , එනවා මෙතන ලොකු කම් කියවන්න , ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද
ඈ බොල මැන්ගොට්ටෝ එහෙනම් ජනාධිපතියාට ලොකු පඩියක් දෙනවා නම් වැඩ කරන ජනතාවටත් ඒ පඩියම දුන්නම මොකෝ කියලා, ඉස්ටාලින් හෝ අනුර වගේ, මැගොට්ටෙක් ඇසුවොත් දෙන උත්තරේ මොකක්ද? ෂැන්ග්‍රිල්ලා හෝටලේට ඉඩම දුන්නේ නිකන් නොවෙයි. ඇත්තටම නිකන් දිය යුතු ඉඩමක්. එම හෝටලේට ඉඩම දුන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රකට නමක් ලබාගෙන තිබෙන ලංකාවේ ලෝකේ ප්‍රචලිත හොටෙල් chain එකක හෝටලයක් ලංකාවේ තිබිය යුතු නිසා. ලෝකේ ධනපතියන්ට ලංකාවේ සංචාරය කරන්නනම් ඔවුන්ට සුදුසු හොටෙල් ලංකාවේ තිබිය යුතු නිසා. එවගේද ගම්වල ඉඩම් සින්නක්කරව දීම? ඒකත් හරියට පස් දුන්න නිසා පස්දුන් කෝරලේ හදුනා කිව්වට දෙවනි නැහැ.
මේ කාල කන්නියා ඉන්නකම්. මේ රට අජුතයි. මෙයාව. හමාස් සන්විදානයෙ නායකයට හොදයි අනුකම්පාවක් නැති පපුවක් නැති කාලකන්නියා
රටේ ඉඩම් මිනිස්සුන්ට බෙදන්න කෝටි 200 මොකටද. සල්ලි දීලද බෙදන්න ඉඩම් ගත්තෙ
මේ ගොන් ආතල් වලට තවමත් රැවටෙන උන් ඉන්නවානම් අද ඉඳලා තණකොළ කන්න
බෙදන්න... බෙදන්න. සුද්දෝ නිදහස දෙද්දී මහඑකාට බූදලයට දුන්නු ඉඩම්නේ...! නේද?