(ඉන්දිකා රාමනායක)
මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයෙ සමුහ මිනිවලේ මේ දක්වා සිදුකළ කැණීම් වලින් මිනිස් සිරුර 37 ක අස්ථි කොටස හමුවී ඇති බව පොලිසිය පවසයි.
2023 ජුනි මස 29 දින සිට ඊයේ (27) දක්වා කාලය තුළ සිදුකළ කැණීම් කටයුතු වලින් මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පෙරේදා දිනය තුළ සිදුකළ කැණීම් වලින් සිරුරු 3 ක අස්ථි කොටස් සොරාගෙන ඇත.
මෙම සමුහ මිනි වලේ මිනිස් අස්ථි කොටස් වලට අමතරව පතරොම්, උණ්ඩ කොටස්, එල් ටී ටී ඊ සමාජිකයන් හදුනා ගැනීම සදහා පළදින අංක තහඩු, සයනයිඩ් කරල්, ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇදුමට සමාන ඇදුම් කොටස්, ඇතුලු උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වැසි සහිත කාලගුණය හේතුවෙන් කැණීම් කටයුතු අතරමග නවතා ඇති අතර, පෙරේදා සිට යළිත් කැණීම කටයුතු ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd