(යොහාන් භාසුර)
රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතු බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දුන් බව කී ඒ මහතා ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනකොට අනිත් අවයව වගේම මොළෙත් අඩපනවෙනවා . එවිට සමහරුන්ට තමන් උන්හිටි තැන් වගේම කරු කියපුදෙවලුත් අමතක වෙනවා . මේ එකට හොඳම උදාහරණයක් .
ඔබතුමාලා ඔක්කොම ප්‍රශ්න විසදලා නිසා ආණ්ඩුව ඒ ගැන කල්පනා නොකරනවා වෙන්න බැරිද?
මුන්නැහෙත් ඔය ආණ්ඩුව බලයට ගෙනෙන්න දායක වෙලා ආණ්ඩුවේම ඉඳලා දැන් බයිලා කියන්නේ වයස නිසා වෙන්න ඇති
තමුන්ගේ පැවැත්මට ,වාසියට ,එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් අරගෙන බලයේ ඉන්න කාලේ ,ඔය කිසිදෙයක් නොදන්න කෙනෙක් වගේ හිටියා කියලා නම් අපි දන්නවා.