
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ගැටී එහි ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී කාන්තාව මියගොස් ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි කාන්තාවකි.
ඇය ඇඹිලිපිටියට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් කඩුවෙල අධිවේගී පිවිසුම අසල රැඳී සිටියදී ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා මෙම කන්ටේනර රථය පැමිණ කාන්තාව එම රථයට නංවාගෙන තිබේ.
අනතූව කඩුවෙල සිට ඇඹිලිපිටිය දෙසට යමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කනුව අසල ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කරමින් තිබූ තවත් කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd