(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල රිදීගම රත්හැටිකන්ද ප්‍රදේශයේ ස්ථානයක නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටියේ යැයි කියන නාවික හමුදා ලුතිනන් වරයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි.
නාවික හමුදා ලුතිනන්වරයාට අමතරව යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සහ සාමාන්‍ය වැසියෝ දෙදෙනෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අඩංගුවට ගත් පස් දෙනා අතර කඩියකු යැයි කියන පුද්ගලයෙක් සිටින බව පැවසේ.
කිසියම් පිරිසක් රිදීගම රත් හැටි කන්ද ප්‍රදේශයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව රිදීගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීගම සහ ගොකරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd