(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වනවාට විපක්ෂය විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පළාත් සභාවේ මහජන නියෝජිතයන් නැතිව වසර ගණනාවක් ගත වී තිබෙන අතර මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව කී මන්ත්‍රීවරයා පළාත් සභාවට විමධ්‍යගත වූ ආයතන අධීක්ෂණය කිරීමට කිසිම කෙනෙක් මේ වෙනවිට නැතැයි කීය.

ආර්ථිකය යථා තත්ත්වයට පත් වී පත් වී ඇතැයි ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසු බව කී මන්ත්‍රීවරයා එසේනම් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්නැයි ඉල්ලා සිටියේය.