(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු නිෂ්කාශනාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
මේ එකක් අභ්‍යන්තර පරීක්ෂණයක් බවද සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් ඒ පරීක්ෂණය පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නිරෝෂන් පෙරේරා මහතා:
පරීක්ෂණ දෙකක් කරනවා කියන්නේ තවම හොරා අල්ලලා නැහැ. තවම හොරා ඉන්නවා කියන එක තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ. මෙච්චර කල් මහ බැංකුව ඇතුළේ ඉන්න හොරා අල්ලගන්න බැරි වුණේ ඇයි. සීසීටීවී කැමරාවලින් හඳුනාගන්න බැරි වුණේ ඇයි කියලා ප්‍රශ්න කරන්න වෙනවා.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:
මහ බැංකුව මේ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණයක් කරනවා. මේ විමර්ශන අවසානයේ තමයි පැහැදිලිවම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දැකබලා ගන්න පුළුවන් වෙන්නේ. විමර්ශන කටයුතු ඉක්මන් කරන්න කියලා මහ බැංකු අධිපතිතුමා පොලිස්පතිට කියලා තියෙනවා. විමර්ශන අවසන් වුණාම ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.
නිරෝෂන් පෙරේරා මහතා
අර්ජුන මහේන්ද්‍රන් දැන් හොයනවා. අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් හිටපු මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. කබ්බ්‍රාල් එයාගේ වැටුප ලක්ෂ 4 දක්වා වැඩි කරගත්තා. එතුමා ලක්ෂ හැත්තෑවක් හිඟ වැටුප් විදියට අරගෙන තියෙනවද. ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට විරුද්ධව තීරණයක් ගෙන තියෙන නිසා ඒවා අත්හිටුවීමට කටයුතු කරනවාද
සෙහාන් සේමසිංහ මහතා
ඔබතුමා ඇහුවේ මහ බැංකුවේ මුදල් සිද්ධියක් ගැන. ඔබතුමා මේ ප්‍රශ්නය ගැන නැවත ප්‍රශ්නයක් යොමු කළොත් උත්තර දෙන්නම්. මම සූදානම් වෙලාවේ මුදල් ප්‍රශ්නයට විතරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බංකුව ලජ්ජා විය යුතුයි හොරු ඇල්ලීමට මෙපමණ කල් ගැනීම ගැන. වාණිජ බැංකුවක් නම් දවසෙන් දෙකෙන් හොරු අල්ලා සේවයෙන් පහ කරලා ඉවරයි. අනෙකුත් මුල්‍ය ආයතනවලට නීති දාන ඔබගේ මුදල් සම්බන්ධ පාලන විදි ක්‍රම නැති ගානයි.
මහබැංකුව කඩලා කෝටි ගණන් හොරාකාපු ලොකුහොරුත් නිදැල්ලේ ලක්ෂ 50ක් ගත්තු පොඩි හොරුත් නිදැල්ලේ... කඩනවා නම් ඔන්න බැංකුව..