IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න නැගිය හැකිද?

(අංජුල මහික වීරරත්න)

කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබේ.

අයවැය විවාදයේ දී ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ලෙස අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගයට ලක් කරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉහත කරුණු විමසන ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නේය.

එවැනි වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිත කිරීමක් දැයි දැනුම් දෙන ලෙස ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කළ විමසීමේ සඳහන්ය.

කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරයා ඈඳා ගනිමින් පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්න නැගීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.



අදහස් (3)

කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න නැගිය හැකිද?

සෙල්ලසාමි Wednesday, 29 November 2023 05:15 PM

අපිට නම් හිතන්නේ බැහැ කියලා තමයි...!

:       14       9

අනිල් Wednesday, 29 November 2023 08:20 PM

කුම්බලා මාලු කෑවා නම් විඳෝපන් බළලෝ කිව්වාලු. ඔක්කෝටම ඇරලා නාමලත් පරකරලා තමයි ලොක්කා පස්ස බලන්නේ... අනේ ඉතින් ඒ ආදරයට නම් ඇස්වහක්, කටවහක් හෝවහක් වදින්න එපා.

:       0       0

Rata Perata Wednesday, 29 November 2023 09:48 PM

නියම මනුස්සයාගෙන් මතය විමසන්නේ... හැරෙන තැපෑලෙන් අහන්න ඇති මොකක්ද දෙන්න ඕනෙ තීරණය කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site