IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෙරොම් එයි

(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (29) අලුයම පැමිණි බව  ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම දේවගැතිවරයා එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමට සහ ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සදහා ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර පසුව එම තහනම ඉවත් කර තිබුණි.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (29) අලුයම 01.32ට පැමිණ , එහි මුදල් ගෙවා පහසුකම් ලබන " රන් මාවත " ( Gold Route ) විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ තිබේ .



අදහස් (12)

ජෙරොම් එයි

මැක්ස් Wednesday, 29 November 2023 12:24 PM

මේ රටට, මේ රටේ සංස්කෘතියට, ආගමට වින කරමින්, ගරහමින් මේ රටටම තමයි මෙයාලට එන්න ඕන. මොකද ලෝකේ කිසි රටක මේ ගොල්ලන්ට මෙහෙ වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.

:       4       46

Achini Wednesday, 29 November 2023 12:28 PM

දේවගැතිවරයා LOL, දේවගැතිවරයා ගාව තියන සල්ලි දුප්පත් මිනිස්සු ට ඇයි දෙන්න බැරි දේවගැතිවරයා පොෂ් එකේ ඉන්නේ

:       1       30

janis Wednesday, 29 November 2023 12:44 PM

ඕන බලු වැඩක් කරල සල්ලි ගෙවල රන්මාවතෙන් මෙයාට පැනල යන්න දුන්නේ කව්ද .රන් මාවතෙන් වලට යවන්න ඕන බුදුදහමට කරපු බලු කතා වලට.අරාබියේ වගේ එයා පොර්ට් එකේ වහලේ එල්ලා පහර දෙනවා මම නම් මූට .

:       2       33

Prabha Wednesday, 29 November 2023 01:58 PM

දැන් ක්‍රිකට් ප්‍රශ්නේ ඉවරයි .නැවතත් අපි යමු ජෙරම් නාටකයට

:       1       31

cHIN Wednesday, 29 November 2023 03:56 PM

මිථ්‍යා දෘෂ්ටිකයාගේ පැමිණීම...

:       1       17

බද්රානි Wednesday, 29 November 2023 05:16 PM

දැන් ඉතින් තව හයියෙන් සද්දෙට බුරාපල්ලා...මේ රටේ උදේ හවස තරගෙට පන්සල් ගානේ කරක් ගහන මහලොකු සිංහල බෞද්ධ නායකයින් කෝ..? දැන් තේරෙනවා නේද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා... මොහුව අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක් තිබුණා නම්, කොහොමද මේ පුද්ගලයා "රන් මාවතෙන්" මේ අමනයින්ගේ පින් බිමට වැඩම කළේ..?

:       0       14

Nimal Wednesday, 29 November 2023 05:50 PM

මේ රටට එකම ආගමක්වත් ඕනෑ නැහැ. ඕවා ඔක්කෝම මිථ්‍යාවන්. ආගම් නැතිව මිනිස්සුන්ට ඉන්න බැරිද? ආගම්ද අපිට කන්න දෙන්නේ?

:       7       11

Bamunuarachchi Thursday, 30 November 2023 08:09 AM

Nimal ජෙප්පෙක්. ඈ බන් උඹට හොඳ නරක පිං පව් කියනදේ තේරෙනවාද? හොරකම, පරපන නැසීම, පාපයක් කියලා පිළිගන්නවා නම් ඒක නුඹට කියා දුන්නේ ආගම මිසක් රටේ නීතිය හෝ දේශපාලයෝ නොවෙයි. ජෙප්පන්ට ආගමක් නැහැ. උන් නානාත්තාරයි.

:       0       3

Perera Wednesday, 29 November 2023 07:00 PM

නතාෂලාට, සේපාලලාට බලපාන නීතිය ජෙරම්ට බලපාන්නේ නැතිද?

:       0       0

නතාශා Wednesday, 29 November 2023 08:29 PM

මම හිතුවේ බෙල්ලෙන් ඇදන් ගිහින් නඩු දායි කියලා...

:       0       0

බද්‍රාණී Thursday, 30 November 2023 01:24 AM

අපෙ නිද්‍රොපගතව ඉන්නා යක්ක පුත්තු ටික නැගිටින්න ඔන වෙලාව තමා මෙ. කො අපෙ මෙ ඩැන් පුතා?

:       0       3

Asanga thiththagalla gamage Thursday, 30 November 2023 10:06 AM

මුන්ව රටෙන් පිටමන් කරන්න ඕනා.. අන්තවාදීන්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site