IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වේ

(යොහාන් භාසුර)

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 ක් බවට පත්වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 බැගින් ඉහළ දැමූ බවත් එම මිල වැඩි වීමත් සමඟ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434 ක් දක්වා ඉහළ ගිය බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.

 



අදහස් (6)

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වේ

ලාල් Friday, 01 December 2023 03:10 AM

සප්‍රයිස් වුණා. ඊළඟට දෙසැම්බර් 31 රෑ ආයේ උඩයනවා... ඔය වගේම ඩබල්...

:       0       3

දාස Friday, 01 December 2023 05:10 AM

මේවා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ.. මේ පාලනය මේ ක්‍රමය වෙනස්විය යුතුමයි...!

:       1       4

Bamunuarachchi Friday, 01 December 2023 06:03 PM

දාස අපි ලේ සැලෙන විප්ලවයක්‌ කරමු. එතකොට තව අවුරුදු හැටක් ගස් බැඳලා තියෙන්න පුළුවන්...!

:       0       0

Bamunuarachchi Friday, 01 December 2023 05:15 AM

මොන ජංජාලයකට ලැහැස්ති වෙනවද දන්නේ නැහැ...!

:       0       2

sara Friday, 01 December 2023 12:18 PM

ඇමති කලින් කිවුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සමාගම හොද තරගකාරිත්වයක් ඇති වෙයි කියලා නමුත් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ ඔක්කොම ඒවා වල එක සමානයි, මේකෙන් උනේ ආණ්ඩුවේ ලොකු ලොකු එවුන් මේ සමාගම් වලින් ප්‍රකෝටි ගණන් අල්ලස් අරගෙන පිටරට බැංකු වලට ඒ සල්ලි පොම්ප කරපු එක විතරයි

:       0       6

de silva Friday, 01 December 2023 07:20 PM

කෝ අර ඇමැති කීව තරගකාරී මිල...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site