(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂනායකවරයා ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කරන හෙයින් ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ(1) ඉල්ලීමක් කළේය.
ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත් පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත් නාඩගමක් නොකරන ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන හෙයින් දේවාලයේ නැටුමක් මෙන් මේ සභාව ක්‍රියාත්මක කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබා දිය යුතු බවත් එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සජිත් ගැන තීරණයක් ගන්න
Buddika Friday, 01 December 2023 05:55 PM
අපොයි ඔව්, විනය හොඳටම රකින මනුස්සයෙක්... උගුර කඩාගෙන කෑගහද්දී පුපුරලා උගුරු දණ්ඩ කැඩෙයි. සජිත් ප්‍රශ්න අහද්දී මෙයාලාට පුදුම අමාරුයි. හේතුව මේ රටට ඔක්කොම ප්‍රශ්න දාද්දී හැම ආණ්ඩුවකම ඇමැති..!
සෞභාග්‍යයෙන් රට පෙරට Saturday, 02 December 2023 09:02 AM
බුද්ධික හරියටම හරි... මේ මිනිහා විපක්ෂයේ සිටින කාලයේ කාටවත් කතා කරන්න දුන්නේම නැහැ... දැන් විපක්ෂයේ අයට කතාකරන්න දෙන්නේ නැහැ මෙහෙම අය එක්ක රට හදන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මොවුන්ගේ ඉඩකඩම් තියෙන ප්‍රදේශයේ තියෙනවා ප්‍රාථමික විදුහලක් ඒකට යන්න පාරවත් හදන්න මොවුන් ඉඩක් දෙන්නේ නැහැ... සොයා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් කැමැති කෙනෙක් ඇත්ත නැත්ත සොයා බලන්න... එවිට සත්‍යය වැටහේවි...!
විපරමා Friday, 01 December 2023 08:48 PM
පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැසිරීම්, කෙරුවාවල්, මඩ ගැසීම්, අපි ඕනෑතරම් දැකලා තියෙනවා. පස්ස දොරින් මහින්දයාට අගමැතිකම දීලා යකා නටපු අය ගැන තමුන්ට අමතක වෙලා...
asank Friday, 01 December 2023 09:05 PM
අනේ මේ පිං අගමැති ඔහේ මේ රටට ජනතාවට මොනවාද කරලා තියෙන්නේ කියලා කියන්නකෝ..! ඔහේ ගැනයි තීරණයක් ගන්න ඕනේ, ඔහේගේ විශ්‍රාම යන කාලේ දැන් හරි, එමනිසා අපටත්, රටටත් බරක් නොවී ගෙදර යන්න...
abaran Saturday, 02 December 2023 01:52 AM
සහතික ඇත්ත මේ මිනිහාව දකිනකොටත් මිනිස්සුන්ට දැන් අප්පිරියයි... මොකද කුලප්පු වුණු හරකෙක් වගේ කෑගහනවා හැමදාම. ලොකු දෙයක් මෙයාට මැදට පනින්නේ නැතිව ඉන්න කියනවා නම්...
ranjith Saturday, 02 December 2023 08:07 AM
ප්‍රතිපත්තියක් නැති කෙනෙක් ඒ කාලේ කිව්ව ඒවා දැන් මතක නැහැ...
Rata Perata Saturday, 02 December 2023 04:10 PM
මෙයා හැමදාම කාගෙ හරි කෙනෙක්ගේ ඇඟේ වහලා කහින එක තමයි කරන්නේ...
nanda Saturday, 02 December 2023 05:19 PM
බොරළුගොඩ සිංහ නමටත් අගෞරවයක්... යටි ගිරියෙන් කෑගහන්නේ මොලේ කළඳක් නැති කෙනෙක් වගේ...