
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගලෑව මහවැලි ජාතික පාසලේ දැරියන් දෙදෙනෙක් මහමඟ තිබී අහුලාගත් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සහිත පාර්සලයක් එහි අයිතිකාරිය අතට කළහ
මිගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනා රටටම ආදර්ශයක් ලබාදී ඇත.
මෙම සත්ක්‍රියාව සිදු කරනු ලැබුවේ මිගලෑව, තම්මිට ගම්මානයේ පදිංචි එන්. පී. තිසුරි යුවනිකා සහ ඒ. ඩබ්ලිව්. ජී. සඳුනි ඉමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාය.
මෙම සිසුවියන් දෙදෙනා ඉගෙනීමට දස්කම් දක්වන දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල්වල අය බව මීගලෑව මහවැලි ජාතික පාසැලේ විදුහල්පතිනි ඩබ්ලිව්. බී .එම් ලිලානි මංගලිකා වීරසේකර මහත්මිය ලංකාදීපය කළ විමසුමකදී පැවසුවාය.
මෙම සිසුවියන් දෙදෙනා අපේ පාසලට කීර්තියක් ලබා දී තිබෙනවා. ඒ විතරක් නොවේ රටටම ආදර්ශයක් ලබාදී තිබෙනවා.මා ඇතුළු . විදුහලේ ආචාර්ය මණ්ඩලය , සියලුම සිසු සිසුවියන්ගේ ගෞරවය මේ සිසුවියන් දෙදෙනාට පිරි නමනවා යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අනුන්ගේ රන් ආපසු දුන් රන් දියණිවරු
බක්මීගොල්ල Saturday, 02 December 2023 12:41 AM
විදුහලට වගේම මේ දෙන්නගේ දෙමව්පියන්ට ස්තුති කරන්න ඕනේ මේ වගේ දරුවෝ රටට දායාද කෙරුවාට... දියණියන් දෙදෙනාට අපගේ උත්තමාචාරය... ඔබලාගේ සියලු යහපත් ප්‍රර්ථනා ඉටුවේවා... සුබ අනාගතයක්...!
Muthu Saturday, 02 December 2023 04:29 AM
ලංකාවේ මේ වගේ ප්රවෘත්ති වලට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නේ, ඉහළ දේශපාලනේ ඉඳන්ම හොරා කන සංස්කෘතිය නිසා. හොරුන්ට මැදිවෙච්ච රටක පුංචි දරුවෝ තාම හොරු වෙලා නෑ. බටහිර රටවල මේ වගේ දේවල් හැමදාම වෙනවා. නමුත් දන්නේ ඒ ළඟ ඉන්න කීපදෙනා විතරයි.
රනේ Saturday, 02 December 2023 06:28 AM
රත්තරන් ළමයි...!
Nimal Saturday, 02 December 2023 08:03 AM
හොඳ දෙමව්පියන්ගේ හොඳ දරුවෝ...!