ගාසා රෝහලකට බෝම්බ ප්‍රහාරයක්: 500 ක් මරුට ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව පැවැසෙයි. 18 October 2023
චීනයේ හුවාවි සමඟ ජනපති ගිවිසුමක් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 17 October 2023
කිරුළපනේ දී අහසට වෙඩි තියලා කිරුලුපන ,කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි කිරුලපන පොලිසිය කියයි. 17 October 2023
මුදල් යන්ත්‍රයෙන් කෝටියක් ඉස්සූ තුනක් මාට්ටු පෞද්ගලික බැංකුවකට අයත් මදුරන්කුලියේ ස්වංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයකින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනිමේ සිද්දියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සමග අනු දෙලක්ෂ හැත්තෑ දහසකට ආසන්න මුදලක්ෙ පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් හා මදුරන්කුලිය පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුක දී අත් අත්ඩංගුවට ගත් බව කියයි. 17 October 2023
අක්කර බාගෙට ලක්ෂ 60ක් දෙන දෙළුම් ප්‍රභේද දෙකක් එයි අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 60 ක ආදායමක් ලබා ලබාගත හැකි මෙරට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් කළ පර්යේෂණ සාර්ථක වී තිබේ. 17 October 2023
පොලිස්පතිවරයා පැන්නීමේ කුමන්ත්‍රණය ජනපති පරදයි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පියවර ගත්තේය. 17 October 2023
පොළව යට නඩු බඩු ගබඩාව දෙවන වරටත් කඩයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් ඊයේ (16) රාතියේ සොරුන් කඩා බිදිනු ලැබ ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය පවසයි. 17 October 2023
මව දියණියත් සමග ළිඳට වැටිලා මවක් සිය මාස තුනක් වයස දියණිය සමග කටාරම්පුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ළිඳක වැටී සිටියදී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ගැහැනු දරුවා මියගොස් ඇතැයි කොකාවැව පොලීසිය කියයි. 17 October 2023
සී.අයි.ඩීය මුලතිව් හිටපු මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්විමේ ලිපි ඉල්ලයි මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සහ ඊට අදාළ සියළු ලේඛන තම ඒකකයේ භාරයට ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත. 17 October 2023
පොලිසියේ වැරදි කියන්න 118 දෙයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වාගන යන 118 කෙටි දුරකතනය හදිසි ඇමැතුම් ඒකකයට පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සහ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව පොලිස් මුලස්ථාන පවසයි. 17 October 2023
ගාසා ගැන ලංකාව, පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා එකඟතාවයකට එළඹ තිබෙි. 17 October 2023
ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා මිය ගිහින් අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 17 October 2023
හක්කපටස් බෝලයක් පිපිරීමෙන් සිසුහු තිදෙනෙක් තුවාල ලබති ගම්පොල මාවතුර කලයිමහල් දෙමළ විද්‍යාල භූමියේ තිබූ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. 17 October 2023
ජනපති ඉන්දුනීසියා ජනපති හමුවෙයි ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 October 2023
සෞඛ්‍ය සහයිකාවට අතවර කළැයි සෞඛ්‍ය සහයක අත්අඩංගුවට දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයිකාවක ලෙස සේවය කරන කාන්තාවකට එම රෝහලේ විදුලි සෝපානය තුළදීලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්යය සහයක වරයෙකු දඹුල්ල මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(17) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 17 October 2023
පනත් කෙටුම්පත් පහකට කතානායකගේ සහතිකය පාර්ලිමේන්තුවේදි පසුගිය දා සම්මත කෙරුණු පනත් කෙටුම්පත් පහකට කතානායකවරයා අද සිය සහතිකය සටහන් කළේය. 17 October 2023
ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයන්ට ආරාධනයක් තරඟකාරී හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය. 17 October 2023
කෝටි 30ක වාලම්පුරියක් මාලඹෙන් අල්ලයි රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි. 17 October 2023
බියගමටත් ළමා රෝහලක් බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. 17 October 2023
යාපනයෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි ටී එන් ටී නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ක සහිත පාර්සලයක් යාපනය ගුරුනගර් ජැටිය ආසන්නයේ සඟවා තිබියදි අද (17) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 October 2023
‘‘රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය වහන්නේ නෑ‘‘ රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ ඉදිරි කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව (PPP) යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 October 2023
පැය 24ක් ඇතුළත එකම දුම්රිය දෙපාරක් පිලී පනියි බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (17) පෙරවරු 10.15 ට කොළඹ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය බණ්ඩාරවෙල සහ දියතලාව දුම්රිය ස්ථාන අතර මධ්‍යහන 12.00 ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 17 October 2023
හඬ පට පිටට දෙන්න බැහැ පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17 ) පැවසීය. 17 October 2023
රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයේ කුඩු කිරිබත් පාර්සලයක සැඟවු ජෙල් පැකට්ටුවක් තුළ හෙරොයින් පැකට් 29 ක් සගවා කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි. 17 October 2023
රජයේ වංචා දූෂණ රාජ්‍ය ආදායමට වඩා වැඩියි රජයේ වංචා දූෂණ පිළිබඳව තිබෙන ගණන් හිලව් එකතු කළහොත් එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 October 2023
බුද්ධි කීර්තිසේන දිවි සිනමාවෙන් නික්ම යයි ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර් තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 17 October 2023
2024 එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ලංකාවේ එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 17 October 2023
අප්පුහාමිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ජිනීවා ගියේ ලංකාව පාවා දෙන්නට හෝ කේලම් කියන්නට නොවේ යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය. 17 October 2023
ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 17 October 2023
බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 17 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026