(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාවේදී එහි මෙම වසරේ වියදම රුපියල් බිලියන 720 ක් ලෙස පුරෝකථනය කිරීම වැරදි බවත් සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහාම අඩු කළ යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද (3) පැවසීය.
ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එසේ පැවසීය.
විදුලිබල මණ්ඩලය මෙම වසරේ වියදම රුපියල් බිලියන 720 ක් වන්නේ යැයි ප්‍රකාශ කළ අවස්ථාවේදී එය රුපියල් බිලියන 575 ක් වනු ඇතැයි තමන් කළ පුරෝකථනය මේ වන විට යථාර්ථයක් වී ඇති බව කියන රත්නායක මහතා ලංවිම පුරෝථනයටය අනුව කළ ගාස්තු වැඩිවීමෙන් පාරිභෝගිකයන් විදුලි ඒකකයකට රුපියල් 50 ක් ගෙවීම හේතුවෙන් මණ්ඩලය විශාල ලාභයක් ලබා ඇති බව ද සදඟන් කළේය.
මෙම වසරේ ගෙවුණු මාස 11 යේ විදුලිබල මණ්ඩලයේ වියදම රුපියල් බිලියන 540 ක් මෙන්ම මෙම මාසයට තවත් රුපියල් බිලියන 38 ක් එකතු වූ විට සමස්ත වියදම රුපියල් බිලියන 575 කට මදක් වැඩි වන බව කී රත්නායක මහතා විදුලි ගාස්තුව ඉහළ දැමූ අවස්ථාවේදී සිය ඇස්තමේන්තුවට අවදානය යොමු කළේ නම් ජනතාවට සහ ආර්ථිකයට වර්තමාන හානියට මුහුණ දීමට සිදුනොවන බව ද කීය.