(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් පදනම මත අවම කඩඉම් (ඉසෙඩ්) ලකුණු පත්‍රකාවේ දෝෂයක් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

කඩඉම් (ඉසෙඩ්) ලකුණු පත්‍රකාවේ 5 වැනි සිටුවේ සඳහන් ‘තොරතුරු තාක්‍ෂණ’ සහ ‘තොරතුරු තාක්‍ෂණ කළමනාකරණය’ යන අධ්‍යයන පාඨමාලා දෙකෙහි තීරු ශිර්ෂ මාරු වියයුතු බව එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.

නිවැරදි කළ කඩඉම් ලකුණු සටහන පහත දැක්වේ.