(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

ඉන්දියාවේ සිට මාලු බෝට්ටු තුළ සඟවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ  ලිංගික උත්තේජක තොගයක් සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමඟ ලිංගික උත්තේජක පෙති 31750 ක් ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද ලද තොරතුරකට අනුව කොළඹ 12 කෙසෙල් වත්ත සිල්වර් ස්මිත් පටුමග නිවසක් වටලා බලපත්‍ර නොමැතිව මෙරට මෙරටට ආනයනය කර ගබඩා කර තිබූ මෙම උත්තේජක තොගය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෙනත් පුද්ගලයකුට මුදලට ලබාදෙන තෙක් මේවා ගබඩාකර තැබූ බවට සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.