
(නිමල කොඩිතුවක්කු)
බදු බර සහ බඩු මිල දරාගත නොහැකි ලෙස වැඩිවී ජීවත්වීමට නොහැකි වීමෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ සිත් තුළ විශ්වාසභංගයක් හටගෙන ඇතැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි හටගත් විශ්වාසභංගයට සමාන විශ්වාසභංගයක් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව ජනතාවට දිනෙන් දින එල්ල කරන පීඩනය මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.
මෙවර අය-වැය තුළින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දමන බවට පැවැසුවත් ආණ්ඩුව දිනෙන් දින බඩු මිල සහ බදු බර වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් සජියා ගැන අපිට විශ්වයේ පට්ට ඉහළටම ගිහින් තියෙන්නේ...!
ඝෝඨාභය ගැන කථා කරන්න එපා. ඕන මගුලක් කරගනිව් කියලා දාලා ගියා. ජනතාවට බදු නොගහ රට ගොඩගන්න පුළුවන් නම් ඇයි ඔබලා රට බාර නොගත්තේ? මෙපමණ කාලයක් සිද්ද වුනේ ලෝකේ අනික් රටවල මෙන් මේරටේ බදු අයකිරීම්, ඒ සඳහා නීති නොමැති වීම හා තිබුණු නීති වලට අනුව බදු අඩු කර නොගැනීමයි. දැන් ගෙවපල්ලා ලක්ෂ ගණන් වලින් ගන්න වැටුප් වලට බදු රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සෙසු ජනතාවට වක්‍රබදු ගහන්න එපා...
බයියන්ට කොහේද මේවා තේරෙන්නේ? බයියෙක්ම ඇවිල්ලා කිව්වොත් කියයි ඉන්න හිතෙන රටක් තියෙනවනේ කියලා...
ඔබගේ ලොක්කා ගැන දැන් විශ්වාසය වැඩි වෙලාද ?
ඉක්මනටම මුන් බන්ග වෙනවා