
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේක)
83 හැවිරිදි ප්‍රසිද්ධ සමාජ සේවිකාවකගේ හිසට අලවංගුවකින් පහරදී පිංකමකට එකතු කර තිබූ මුදල් ශක්ති ජනක විටමින් වර්ග මිල දී ගැනීම සඳහා කොල්ලකෑ 18 හැවිරිදි කායවර්ධන ක්‍රීඩකයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මොරටුව පහළ ඉදිබැද්ද " නිසසල" නිවසේ තනිව විසූ උන්ගාමන්ඩාඩිගේ තිලක නාලිනි ප්‍රනාන්දු නැමැති 83 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
යාබද නිවසේ පදිංචි සැකකරු ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි තැනැත්තකු බව පොලිසිය කියයි.
සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නිවස තුළ තිබී පහර දීමට යොදා ගත් අලවංගුව , කාන්තාවගෙන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය , ඝාතනය සිදු කරන අවස්ථාවේදී සැකකරු හැඳ සිටි ටී ෂර්ටය සහ කොට කලිසම ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු එළැඹෙන ජනවාරි මාසෙදි මිස්ටර් ශ්‍රී ලංකා ජූනියර් කාය වර්ධන තරගයක් සදහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටි අයෙක් බව පොලිසිය කියයි.
පහල ඉදිබැද්ද නිවසක තනිව විසූ කාන්තාවක් නිවසේ සාලයේ ඝාතනය කර ඇති බවට මොරටුමුල්ල පොලිසියට ඉකුත් නොවැම්බර් මස 29 දීන ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලදාරීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම කාන්තාව ගේ හිසට එල්ල කරන ලද යම් පහරක් හේතුවෙන් ඝාතනය සිදුවී ඇති බවත් විශාල රුධිර වාහනයක් සිදුවී ඇති බවත් ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟේ මස් හදනවාට වඩා මොළේ ටිකක් හදාගන්න එක වැදගත්. දැන් ඉතිං හරිනේ. ජීවිත කාලයම හිරගෙවල්වල...!
මව්රට හෙලා දකිමින්, පිටරට තමයි සුරපුර කියලා හිතාගෙන තමන්ගේ දරුවන් විදේශවලට දක්කවීමට දත කන ශ්‍රී ලංකාවාසී මධ්‍යම පාන්තික දෙමාපියන්..., තමන්ගේ දරුවන් තල්ලු කරන්නේ මෙවන් මිනී මරුවන් බිහිකරන සමාජ වටාපිටාවකට බව තේරුම් ගැනීමට මෙම ඛේදජනක පුවත මහෝපකාරී වේවා...!
වෙන්න බැහැ, ඔය වගේ හොඳ පාසලක. ඉගෙනුම ලබන කෙනෙක් මිනීමරන එකක් නැහැ. අපේ විශ්ව විද්‍යල වල ළමයි වගේ බෝඩිං සහසුකම්, ජලය, ගුරුවරු හිඟවුණාම මිනී මරනවා වගේ, පාරේ සටන් නොකර...!
බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි සමයේ එක්තරා හාමුදුරුවන් කෙනෙක් හැමදාම හොඳින් දානය වළදා පිටතින් එන අයට පේන්න උස්තැනකට වෙලා පාරදෙස බලාගෙන ඉන්න සිද්ධියක් ගැන කියවලා තියෙනවා. ඉතින් සැදැහැවතුන් මේ හාමුදුරුවෝ ගැන පැහැදිලා තියෙනවා ඒ ගැන සාකච්ඡා කළ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ගොනෙකුට වගේ ශරීරයේ මස් වැඩුණාට ඒ අයට මොළයක් නොවැඩෙනවා කියලා තමයි. ඉතින් ඔහොම මොළයක් නැතුව වැඩකරන අයගෙන් රටට ඇති ඵලය මොකක්ද? ඉස්සර මිනිස්සු කිව්වේ නම් ඇඟ හදන්නේ මස් කඩේට ගෙන යන්නද කියලා තමයි...
හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
මූ නම් මහ බූරුවෙක්
නව පරපුර ගැන ආඩම්බරද.? විභාග නම් හොඳින් පාස්වෙයි. කෝ ගුණධර්ම, ඔන්න මහලොකු ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ගේ හැදියාව. දෙමාපියනි ගේදොර විකුණලා හරි මේ වගේ ඉස්කෝලයකට තමන්ගේ දරුවාවත් ඇතුල් කරන්න. ඔබටත් මේ මව්තුමිය ලැබූ අත්දැකීම් ලබන්න පුළුවන්වේවි... පින්වත් අම්මාට නිවනින්ම සැනසීම ලැබේවා...!