(යොහාන් භාසුර)

රිය අනතුරු අවම කිරීමේ සහ විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

රිය අනතුරු විශාල වශයෙන් වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව කී වැඩබලන පොලිස්පතිවරයා අපරික්‍ෂාකාරීව රිය පැදවීම මෙම අනතුරු රැසකට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළේය.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සැළසුම් කරමින් සිටියි.