
(විමුක්ති එස් රුද්‍රිගු)
සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
හැරී සහ මේගන් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ මෙම තීරණයට එළඹ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.
එසේම ආර්චි කුමරුගේ සමෙහි වර්ණය පිළිබඳ තෙවැනි චාල්ස් රජු සහ කේට් කුමරිය සැලකිල්ලක් දැක්වූ බවට හැරී කුමරු සහ මේගන් චෝදනා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව විලියම් කුමරුගේ ස්ථාවරය බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹෙන සතියේදී තෙවැනි චාල්ස් රජු සහ විලියම් කුමරු අතර හමුවක් පැවැත්වීමටද නියමිත බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් මාර්කෙල් මෙලෙස රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවේචන රැසක් එල්ල වමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.එල්ලවන විවේචනවලට ප්‍රතිචාර නොදක්වමින් හැරී සහ මේගන් නිශ්ශබ්දව සිටින බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන එන්ඩ් ගේම් වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර ඇත.
හැරී කුමරුගේ සමීපතම මිත්‍රයෙකු මෙන්ම ආර්චි කුමරු බවුතීස්මය සඳහා ඉදිරිපත් කළ පුද්ගලයාද වන වෙස්ට්මිනිස්ටර් හි ආදිපාදවරයා වන හියු ග්‍රොස්වෙනර් ඔහුගේ විවාහ මංගල්‍යයට හැරී සහ මේගන්ට ආරාධනා නොකිරීමට තීරණය කර තිබේ.මීට පෙර හැරී සහ මේගන්ට උත්සවයට ආරාධනා කිරීම සඳහා මහත් උවමනාවෙන් සිට ඇති අතර ඔවුන් රාජකීයන් සම්බන්ධයෙන් සිදු කර ඇති මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය එලෙස නොකර සිටීමට හේතුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දියුණුයි කියලා හිතාගෙන හිටියත් තවම බොළඳ ප්‍රශ්නවල හිරවෙලා...!
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් අයින් වුණු ශ්‍රී විභූතිය රැකගන්න අන්තිමට ආර්ථිකයත් ඉවරයි... ලංකාව, ග්‍රීසිය වගේ අන්තිමට ප්‍රෞඩ ඉතිහාසය කබල් ගාන්න වෙයි. ජපානය, ජර්මනිය කොච්චර වැටුණත් නැගිටින්නේ ඇයි? ඔවුන්ට පම්පෝරි පුරාජේරු නැති හින්දා...!
මේවාට වගකියන්න ඕනේ එරට මාධ්‍යකාරයින්. ඔවුන් තමයි අනවශ්‍ය පවුලේ ප්‍රශ්න අහලා රජපවුල ගැන ඕපාදුප ප්‍රසිද්ධ කළේ. එහි ප්‍රතිඵල තමයි... මේ මෝඩ හැරීට විඳින්න වෙන්නේ. ඇපලෝ 11 ගමනට පෙර නීල් ආම්ස්ට්‍රෝන් සහ අනිත් ගුවන් ගාමියා කොටවන්න ඇමරිකන් මාධ්‍යවේදියෙක් කරන ප්‍රශ්න කිරීම අපි දැක්කා. ඒ ගැටයාට අනිත් ගුවන්ගාමියා අසුවුනේ නැහැ...!
අපිටත් තියන ප්‍රශ්න අම්මපා...!
සෑහෙන බොන්න ඕනෑ ප්‍රශ්නයක් මේක... එහෙම කරන්නේ කොහොමද? එහෙම වෙන්න දෙන්න බෑනේ...
අපේ රජා පවුල් පිටින් මරුවා මතකද ?අත දරුවොත් එක්ක .මුන්ට කවදා හරි මේවා පල දෙන්නත් එපැයි
ඔය පරම්පරාවේ අය අපේ රට යටත්කරගෙන සිට අත්හැර ගියේ කිසිදාක දිරවා ගන්න බැරි පාලන ක්‍රමයක් හා නීතිරීති හඳුන්වා දීමෙන් පස්සේ තමයි දැන් අපේ අය ඒවා තව තවත් අවුල් කරගෙන පැටලී ඉන්නවා. ඛනිජතෙල් හැර රටේ නැහැ කියන්න කිසිවක් නැහැ. ඒත් ලෝකයේ වලපල්ලට යමින් ඉන්න වුනේ, මොවුන්ගේ මගපෙන්වීම් අනුව ඇති හැකි එකාට පමණක් ජයක් ලැබෙන ආකාරයට කටයුතු කරන්න සුද්දා දුන් දායාද නිසා තමයි. ඉතින් දැන් ඔය අයගේ ආදිතමයින් කළ දේවල් සඳහා ශාප පස්සෙන් එන්න ආරම්භවෙලා තියෙනවා කියන්න පුළුවන්...!